චන්ද්‍රිකා, ශ්‍රීලනිප බලය අල්ලා ගැනීමේ මෙහෙයුම දියත් කරයි

චන්ද්‍රිකා, ශ්‍රීලනිප බලය ගැනීමට සැරසේ !

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අත්පත් කර ගැනීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සැලසුමක් ඇතැයි  ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ව්‍යාපාරය’ සඳහන් කර සිටී.

මෙහිදී මංගල සමරවීර මන්ත්‍රීවරයාද වැදගත් භූමිකාවක් ඉටු කරනු ඇත.

 

දිගුකාලීනව මෛත්‍රීපාල සිරිසේන,මංගල සමරවීර හෝ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට මෙම සන්ධානය තුල දේශපාලන අනාගතයක් නැති බව බොහෝ විචාරකයින් පවසති.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ධූරයෙන් ඉවත් වී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ පසු ශ්‍රීලනිප ව්‍යවස්ථාවට පටහැනිව අනුර ප්‍රියදර්ශන යාපා මහලේකම්ධූරය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද බවද එම ව්‍යාපාරය පවසයි.

නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා එම අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග නොගත්තේ ජනාධිපති මැතිවරණ කටයුතු නිසාවෙනි.

නමුත් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීත්‍යානුකූල අයිතිය සඳහා සටන් කිරීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් කරගෙන සිටින බවද ‘ශ්‍රීලනිප සුරැකීමේ සංවිධානය’ පවසයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.