චන්ද්‍රිකා ශ්‍රී ලංකාවේ සෝනියා ගාන්ධි වෙයිද ?

Sri Lankan President Kumaratunga shakes hands with president of India's Congress Party Gandhi in New Delhi

චන්ද්‍රිකා කුමාරතුංග යළිත් දේශපාලනයට අවතීර්ණය වීමත් සමගම කොංග්‍රස් ආණ්ඩු සමය්දී සෝනියා ගාන්ධි තිරයෙන් පිටුපස සිට රාජ්‍ය ත්න්ත්‍රය කළමනාකරණ කරන තත්වයක් ඇතිවිය හැකි බවට කතා බහක් පැතිර යමින් පවතී.

තතු දත් ආරංච් මාර්ග පවසන අන්දමට පොදු අපේක්ෂක ඡන්ද ප්‍රචාරණ වැඩපිළිවෙල ඇය විසින් මෙහයවන් ලබන අතර සෙසු පක්ෂ සහ තානාපති කාර්යාල
අතර සම්බන්ධීකරණයේ ප්‍රධාන පුරුක වන්නේ ඇයයි

පොදු අපේක්ෂකයාගේ පිළ තුළ ඇත්තේ බෙදුණු මතයකි.

 

chandrika3

රනිල් වික්‍රමසිංහ ඇතළු එක්සත් ජාතික පක්ෂය ,මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ වැඩපිළිවෙල සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අතරමං වී සිටි පිරිස යන තුන්
කොටසම අන්දුන් කුන්දුන් වී සිටින මොහතක ශූර රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් සිදු කළා සේ සිරිසේනයන් ජයග්‍රහණයේ මාවත කරා ගෙන යෑමේ ශක්‌තිය ය සතුව ඇති හෙයින් අනාවශ්‍ය ප්‍රශ්න නොනගා ඇයගේ දුරස්ථ පාලන නායකත්වයට ඉඩ දිය යුතු බව එක කොටසක් කියා සිටිති.

තවත් කොටසක් කියා සිටින්නේ ඇය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග ඇති එදිරිවාදිකම් පිරිමසා ගැනීමට මේ මැතිවරණ වැඩපිළිවෙල යොදා ගැනීමට උත්සාහ කළහොත් අනාගත සංහිඳියාවට බාදා ඇතිවිය හැකි බවයි.
මහින්ද රාජපක්ෂ ගේ රහස් සහිත ෆයිල් එලියට ඇදීමට තමන් පසුබට නොවන බව චන්ද්‍රිකා කුමාරතුංග පසුගිය දා හොරගොල්ලේදී කියා සිටියාය.

chandrika1
පෙරට වඩා යම් පිළිගැනීමක්
අනෙක් අතට හිටපු ජනාධිපතිවරියට පෙරට වඩා යම් පිළිගැනීමක් ලැබෙන හැඩක්ද දක්නට ලැබේ.

ඇය ඉතා ප්‍රබල ලෙස විවේචනය කළ රාවය කතුවර වික්ටර් අයිවන් කියා සිටියේ ;ඇගේ පාලනය මහින්දගේ පාලනය තරම්ම අශීලාචාර නැතත් එය හොඳ ශීලාචාර පාලනයක් ලෙසද සැලකිය නොහැකි බවයි.

දැන් තිබෙන තත්වය අනුව කවුරු මොනවා කීවත් චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රී ලාංකික දේශපාලනය තුළ බලගතු කේන්ද්‍රයක් වනවාට සැක නැත .

 

[vsw id=”/cdhMs0H87dk” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.