චන්ද්‍රිකා සැලසුමේ මැදට – මෛත්‍රී ක්‍රියාත්මකයි

chandrikaශ්‍රී ලංකා නිහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම පත්වීම කර ඇත්තේ අද කොළඹ ජනාධිපති මන්දිරයේ පැවැති ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් අතරතුරදීය. නාවලපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක මහින්දානන්ද අලුත්ගමගේ සහ මතුගම ශ්‍රීලනිප ආසන සංවිධායක කුමාර වෙල්ගම මහත්වරුන් එම සංවිධායක ධුරවලින් ඉවත් කර තිබේ.

ඒ අනුව මතුගම නව ආසන සංවිධායකවරිය ලෙස හිටපු ඇමැතිනි සුමිත්‍රා ප්‍රියංගනී අබේධීර සහ නාවලපිටිය නව සංවිධායක ලෙස මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එච් ඒ රණසිංහ මහතා පත් කර තිබේ.
මේ තත්වය අනුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නව දේශපාලන මෙහෙයුමක පෙරමුණ ගැනීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ සීම්ත බව තේරුම් ගෙන ඇති අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගේ සහයෝගය ලබා ගෙන එක්සත් ජාතික පක්සෂය සමග කේවලකාරී ගණුදෙනුවකට යෑම අරමුණු කරගෙන සිටින බව පෙනෙන්නට ඇතැයි දේශපාලන විචාරකයින් පවසති.
මේ මගින් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහයවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුන්වන
තැනට වැටීම වලක්වා ගත හැකිවෙනු ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.