චමල් ගේ විපක්ෂ නායක දුස්රාව

Chamal (1)

මේ දිනවල ක්‍රිකට් ක්‍රීඩාවෙන් බැහැර වී සිටින සුපිරි දඟ පන්දු යවන මුත්තයියා මුරලිදරන් තමන්ගේ දුස්රා පන්දු යැවීමට වඩා අති දශ ලෙසින්

කතානායක චමල් රාජපක්ෂ පන්දු යවන බව හිතනවාට සැක  නැත.ඒ දුස්රවෙන්  දිනේෂ් ගුණවර්ධන පිල  අන්දමන්ද විය.

 

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා කවුදැයි තීරණය කර දැනුම් දෙන්නැයි කතානායක චමල් රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත ට කියා සිටියේ එය කිසිසේත්ම සියලු දෙනාම එකඟ කරගෙන ගත හැකි තීන්දුවක් බව හොදින් දැන ගෙනය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා යොමු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඔහු එසේ කීවේය.

‘ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය කවුද කියා මට දැන් හොඳට තේරෙනවා. මෙතන තියෙන්නේ අභ්‍යන්තර ප්‍රශ්නයක්. ඔබ සමගිව ගිහින් මේ ප්‍රශ්නය විසඳගන්න.‘ යැයි ද කතානායකවරයා ප්‍රකාශ කළේය.

විපක්ෂ නායකට ගැටළුවක් ඇති කරන්නේ නම් ඒ එක්සත් ජාතික පක්ෂයෙන් බව මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.

‘විපක්ෂ නායක කම ඕනෑ නම් ගන්න. පිටුපසින් සිට පිහියෙන් අනින්න එපා.‘ යැයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

අවසාන විග්‍රහයේදී ජනාධිපති සිරිසේන සහ තම සොයුරු මහින්ද රාජපක්ෂ අතර සංහිඳියාවක් ඇති කල හැකිදැයි කතානායකවරයා උත්සහ ගනිමින් සිටින බවක් පෙනෙන්නට තිබේ.

වතුරට වඩා ලේ ගනකමින් වැඩි බව කියන්නේ කට කහනවට නොවේ.

 

 

 

 

 

[vsw id=”/HEtR0pls6Ts” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.