චම්පිකගේ කැබිනට් පති‍්‍රකාවට මොකද වුනේ ?

champika-ranawakaමහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමේ දූෂණ ගැන සොයා බැලීම සඳහා තමන් කැබිනට් පති‍්‍රකා හතරක් ඉදිරිපත් කළත් මේතාක් එහි ප‍්‍රතිඵලයක් ලැබී නැති බව චම්පික රණවක ඇමතිවරයා කියා සිටී. දූෂිත ආකාරයෙන් සොයා ගත් ධනය මේ ආණ්ඩුව පෙරලීමට භාවිතා කිරීම වළක්වා ගැනීම සඳහා ප‍්‍රමාද වී හෝ කටයතු කිරීම ආණ්ඩුවේ වගකීම වන බවයි චම්පික රණවක අමාත්‍යවරයා කියා සිටින්නේ. නීතිපතිවරයා හා පොලිසිය මන්දගාමීව කටයුතු කිරීම ගැන තමන්ගේ අප‍්‍රසාදය පල කරනවා සේම මීට විකල්ප යාන්ත‍්‍රනයන් සොයා ගැනීම ආණ්ඩුවේ වගකීමක් වන බව චම්පික රණවක අමාත්‍යවරයා කියා සිටී. පසුගිය සතියේ කැබිනට් රැස්වීම නිමාවේ ” ඔය හිනාවෙන අයට ලබන සතියේ මොකක්ද වෙන්නේ ” කියා මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා පැවසූ බව වාර්තා විය. දැන් එම අනාවැකිය ක‍්‍රමයෙන් කි‍්‍රයාත්මක වන බවයි චම්පික රණවක අමාත්‍යවරයා පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ජාවෙන් පෙනෙන්නට තිබෙන්නේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.