චම්පිකට මැතිවරණ කොමිසම මතක් වෙයි

champika-ranawakaපාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මීළඟ මහ මැතිවරණය පැවැත්විය යුත්තේ සංශෝධනය කරන ලද නව මැතිවරණ ක්‍රමයක්‌ යටතේ පත්කරනු ලබන මැතිවරණ කොමිසමක්‌ මගින් බව විදුලිබල හා බලශක්‌ති ඇමැති සහ ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එසේ නැතිව දැනට පවතින මැතිවරණ ක්‍රමය යටතේ මීළඟ මැතිවරණය පැවැත්වුවහොත් එතනෝල් කාරයන්ට මෙගාඩීල් කාරයන්ට කෝටි ගණන් මුදල් වැයකොට ජයගෙන පාර්ලිමේන්තුවට තේරී පත්වීමට ඉඩ ලැබෙනු ඇතැයිද කීවේය.

ඒ නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර නව මැතිවරණ ක්‍රමයක්‌ සම්මත කරගෙන මැතිවරණ කොමිසමක්‌ද පිහිටුවිය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

මීට  පෙර චම්පික රණවක ඇමතිවරයා කියා සිටියේ තමන් 19 වෙනි ආණ්ඩු ක්‍රම සංශෝධනයට එරහි වන බවයි. දැන් මැතිවරණ කොමිසම අවශ්‍ය හෙයින් තමන් ඊට පක්ෂව ඡන්දය දෙන බව පැවසිය හැකිය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියා සිටියේ චම්පික රණවක ඇමතිවරයා ජනධිපතිවරයා ගේ අදිසි හස්තයක් ලෙසින් ක්‍රියාත්මක වන බවයි.

මැතිවරණ සමයේදී රණවක ඇමතිවරයා කතා කළේ නවෝත්පාදනය සිදුවෙන නවීන සමාජයක් ගැනයි එහෙත් මෑත කාලීනව ඔහු ප්‍රදර්ශනය කළේ ගෝත්‍ර වාදී හැසිරීමකි.සුළු ජාතින් පිළිබඳව බිය සහ සැක දනවන චිත්‍රයක් මවා ඉන් අනතුරුව සිංහල ජාතියේ ගැලවුම්කරු ලෙස පෙනී සිටීමේ බාල උපක්‍රමය කරා ඕනෑම අවස්ථාවක ඔහට මාරු විය හැකි බව මෑතකදීත් සනාථ කිරීමට ඔහු පසුබට නොවීය.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.