චම්පික මුදල් ඇමැතිකමට සැරසෙයි

champika-ranawakaළඟදී සිදුකිරීමට නියමිත බව පැවසෙන කැබිනට් මණ්ඩල සංශෝධනයේදී මුදල් අමාත්‍ය ධුරය ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා වෙත ලබා ගැනීමට සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් පවතී. යහපාලන ආණ්ඩුවේ අමාත්‍ය ධුර වෙන්කර ගැනීමේදී මුදල් අමාත්‍ය ධුරය හිමිවුයේ එක්සත් ජාතික පක්ෂයටය. පාඨලී චම්පික රණවක මහතා මෙවර පාර්ලිමේන්තුවට පත්වූයේ එක්සත් ජාතික පක්ෂයේ ‘අලියා’ ලකුණ යටතේ තරඟ කරමිනි.

මේ මොහොතේ චම්පික රණවක ඇමති වරයා වඩාත් සමීප ජනධිපතිවරයාටය. එහෙයියන් මෙම යෝජනාවට අගමැතිවරයා කැමතිවේද යන්න සැක සහිතය. යෝජිත තවත් අයෙක් වන්නේ ආචාර්ය හර්ෂ සිල්වාය. එරන් වික්‍රමරත්න ගේ නමත් මුදල් ඇමතිකමට යෝජනා වී තිබේ. මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙස පාඨලී චම්පික රණවක මහතා විසින් සිදුකර ඇති කාර්ය භාරය හා ඇමතිවරයකු ලෙස ඔහුට මෙතෙක් කිසිඳු වංචා දුෂණ චෝදනාවක් එල්ලවී නොතිබීමද සලකා මුදල් අමාත්‍ය ධුරය ඔහුට පවරන ලෙස විද්වතුන් කිහිප දෙනෙකුම පසුගිය දා ජනාධිපතිවරයාට යෝජනා කර තිබේ.

පසුගියදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් සැකසු වාර්තාවකට අනුව මෙරට ආර්ථික ඉලක්ක ජයගෙන ඇත්තේ සංචාරක ව්‍යාපාරය හා ඉඳිකිරීම් ක්ෂේත්‍රය පමණි. එහිදී මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ කාර්යභාරයද විශේෂ ඇගයීමට ලක්ව ඇතැයි වාර්තා වේ.

ඉවත් කරන කතා බොරු :

කෙසේවුවද ‘සිරිකොත’ එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසන්නේ, බැඳුම්කර සිද්ධිය පදනම් කර ගනිමින් රවී කරුණානායක මහතා මුදල් ඇමති ධුරයෙන් ඉවත් නොකරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ගෙන් ඉල්ලිමක් කර ඇති බවයි.

කරුණානායක මහතා මැතිවරණ අවස්ථාවලදී පක්ෂයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මුදල් රැස්කර දීමට සුවිශාල කාර්යභාරයක් ඉටුකළ අයකු වන අතරම රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකයා ලෙස කටයුතු කල සමයේ සජිත් ප්‍රේමදාස කල්ලියෙන් එල්ලවූ අභියෝග හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයේ රඳවා ගැනීමට සුවිශාල මෙහෙවරක් ඉටුකළ එජාපයේ ජ්‍යේෂ්ඨ නායකයෙකි.

ඇමති මණ්ඩල මාරුව සම්බන්ධයෙන් විමසීමකදී මුදල් ඇමතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියකු පැවසුයේ, රවී කරුණානායක මහතා මුදල් ඇමති ධුරයෙන් ඉවත් නොකරන බවට ජනාධිපතිවරයා සහතික වී ඇති බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.