චැනල් රැකීමට දැඩි අරගලයක්…………

saitmශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගන්නා සයිටම් විරෝධී ඕනෑම ක්‍රියාමාර්ගයකට කොන්දේසි විරහිතව සහාය පළ කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය තීන්දු කළ බව සභාපති වෛද්‍ය නිමල් රත්නසේන මහතා පවසයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සමඟ අද පස්වරුවේ විශේෂඥ වෛද්‍ය සංගමයේ නිලධාරීන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඒ ගැන දැනුම් දුන් බව ද වෛද්‍ය රත්නායක මහතා කීවේය.මේ පීරිස වැඩි දෙනා චැනල් සේවාවේ නියුතු අයයි.

එදා චැනල් නඩය නිහඬ වූ හැටි

කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයෙන් වෛද්‍ය උපාධිය ප්‍රදානය කිරීම ආරම්භ කරද්දී වෛද්‍ය සභාව හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට විරුද්ධ නොවී නිශ්ශබ්දව සිටි බව හිටපු උසස් අධ්‍යාපන ඇමැති සහ වත්මන් සමාජ සුබසාධන ඇමැති එස් බී දිසානායක මහතා අද පැවසීය.

දිසානායක මහතා ඒ බව කීවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීරණයේදී  කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව පැවැත්විණි.
කොතලාවල වෛද්‍ය උපාධිය පිරිනැමීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එරෙහි වූ බවත්, එවිට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනම පනතක් ලෙස එය පාර්ලිමේන්තුවට ගෙන ආ බවත්, එය ඉදිරිපත් කිරීම සඳහා වෛද්‍ය සභාවේ පනත පවා වෙනස් කළ බවත් දිසානායක මහතා කීවේය. එදා කොතලාවල වෛද්‍ය පීඨයට වෛද්‍ය සභාව යම් අකමැත්තක් දක්වද්දී එහි ලේකම්වරයා රත්මලානේදී යම් සිදුවීමකට මුහුණ දුන් බව ද එතැන් පටන් වෛද්‍ය සභාවද නිශ්ශබ්ද වූ බව ද දිසානායක මහතා සඳහන් කළේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.