චීනයෙන් සැර ප්‍රකාශයක්

 

 

150227141350_mangala_keqiang_2_640x360_ap

 

 

ශ්‍රී ලංකාවට ණය ලබා දීමට තීරණය කරන ලද්දේ දෙරට අතර පැවති සාකච්ඡාවලින් සහ එකඟවූ සම්මුති වලින් අනතුරුව බව චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

 

මෙය තරමක සැර කථාවක් බව පෙනේ.රාජ්‍ය තාන්ත්‍රික යෙදුම් අතහැරියොත් මෙයින් කියවෙන්නේ අනන්මනන් එපා පොරොන්දු වූ පොලිය ගෙවන්න යන්නයි.

 

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක හුආ චුන්යින්ග් (Hua Chunying) එසේ පැවසුවේ ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති චීන ණය සහ ඒවාට අය කෙරෙන පොලී අනුපාත පිළිබඳව මතු වන විවේචන සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්.

චීනයෙන් ලබා ගත් ණය මුදල සහ ඒවාට අය කෙරෙන පොලී අනුපාත කෙරෙහි ශ්‍රී ලංකා රජයේ අවධානය යොමුව ඇති බව විදේශ අමාත්‍ය මංගල සමරවීර බේජින්ග් නුවරදී ප්‍රකාශ කළේය.චීන සබ්මැරින් වලට ශ්‍රී ලංකාවට පංනිඑඑම්ත ඉඩ නොදෙන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මීට පෙර ප්‍රකාශ කොට තිබුනි.

සාධනීය පිටුබලයක්

එම ණය ගිවිසුම් ඇති කරන ලද්දේ සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් බව පැවසූ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක හුආ චුන්යින්ග් (Hua Chunying), ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට ඒවා විශාල සාධනීය පිටුබලයක් වී ඇතැයි පැවසුවේය.

දෙරට ජනතාවට වැදගත් වන මූලික කරුණු සම්බන්ධයෙන් පවතින ප්‍රායෝගික සහයෝගිතාව ඉදිරියටත් දිගටම පවත්වා ගෙන යාමට හැකියාව ඇති බවට චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක හුආ චුන්යින්ග් (Hua Chunying) විශ්වාසය පල කළේය.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!