ඡන්දය ප්‍රකාශ කිරීම 70% ක්- සාමකාමිව නිමාවේ-

DSC_0146

 

 

 

 

 

 

 

කිසිදු බරපතල ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ බරපතල මැතිවරණ දූෂණ කිසිවක්ද වාර්තා නොවේ.

ඡන්ද විමසීමඉතා සාමකාමීව පැවැත්වූ බව නිරීක්ෂකයෝ  සඳහන් කරති. සමස්තයක් ලෙස 70% පමණ ඡන්දය ප්‍රකාශ කොට ඇති අතර යාපනයේත් 60% පමණ ඡන්දය ලබා දී ඇත.

යාපනය නාවල්අඩි ශ්‍රී ලංකා විද්‍යාලය ඡන්ද මධ්‍යස්ථානය ආසන්නයේ අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති නමුත් එය නොතකා ජනතාව වැල නොකැඩී ඡන්දය භාවිතා කරති. ඒ සමඟ හපුතලේ හල්දුම්මුල්ල ප්‍රදේශයන් සහ මඩකලපුව ප්‍රදේශ වලින් සුළු සිදුවීම් වාර්තා වී තිබේ.

සියලුම ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්තානවලට ගෙනෙන තුරු ඡන්ද ගණන් කිරීම ආරම්භ නොවන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියකියා සිටින්නේ.

රාත්‍රී 7 පමණ වනවිට ඡන්ද ගණන් කිරීම ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.