ඡන්ද තෑගී කන්ටේනර් පිටින් හමුවෙද්දී වාහන අතුරුදහන්

 

505622473container-ethonol2

 

 

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ රදවා තිබූ කන්ටේනර් 3 ක් පොලීසිය විසින් මුද්‍රා තබා තිබෙ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුව සහිත පෝසිලේන් පිගන් තොගයක් මෙම කන්ටේනර්වල අඩංගු වන බවයි පොලීසියට ලැබුණු තොරතුරක සදහන් වන්නේ. අදාළ කන්ටේනර් 3 විවෘත කර අයිතිකරුවන් කැදවා ඉදිරි විමර්ශන සිදුකිරීමට අධිකරණ නියෝගයක් ලබාගන්නා බව පොලීසිය පවසයි.

මේ අතරවාරේ ශබ්ද විකාශන යන්ත්‍ර කොටස් විශාල ප්‍රමාණයක් පැටවූ ලොරියක් අයිතිකරු විසින් දම ගොස් තිබෙනවා.මේ  උපකරණ ඡන්ද ප්ර්ඡාරක වැඩ වලට ගෙනා බව සැක කෙරේ.

 

 

[vsw id=”/h6oSZ4JBtmk” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

ජනාධිපති කාර්යාලයට ලබා දී තිබෙන රථවාහන

 මේ අතර වාරේ ජනාධිපති කාර්යාලයට ලබා දී තිබෙන රථවාහන දහසකට අධික සංඛ්‍යාවෙන් වාහන 800කට අධික ප්‍රමාණයකට සිදුවූ දෙයක් සොයාගැනීමටවත් නොහැකි වී ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල සේවකයෝ සඳහන් කරති.

මෙලෙස අතුරුදන් වී තිබෙන වාහන අතර පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට රැගෙන ආ මෝටර් රථ 25 ක් පවතින බවත්, මෙම රථ 25 ලියාපදිංචි කර නොමැති බවත් එම සේවකයෝ පෙන්වා දෙති.

2010 වසර වනවිට ජනාධිපති කාර්යාලය සතුව වාහන 530කට අධික ප්‍රමාණයක් තිබූ බවත්, ගෙවීගිය වසර හතරක කාලය තුළදී එය දෙගුණයකටත් වඩා වැඩි වූ බවත්සේවකයෝ සඳහන් කරති.

මෙම වාහනවලින් බහුතරයක් ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරීන් ලෙස සහ අධීක්ෂණ මන්ත්‍රීවරුන් වශයෙන් කටයුතු කළ පිරිස් විසින් රැගෙන ගොස් තිබෙන බවත්, මෙලෙස රැගෙන ගිය වාහනවලින් බොහෝ වාහන ප්‍රමාණයක කිසිදු තොරතුරක් නොමැති බවත් සේවකයෝ පෙන්වා දෙති.

මිට අමතරව දකුණු පළාත නියෝජනය කළ අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන 14 ක් භාවිත කළ බවත්, ඒ පිළිබඳවද තොරතුරු නොමැති බවත් එම පිරිස් සඳහන් කරති.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.