ඡන්ද ප්‍රතිපල නිකුත්වෙන අළුයමේ මහින්ද බලන්න ගියේ මනුස්සකමට -ජී.එල්.පීරිස්

යහ පාලනය ගැන කතාකරන වකවානුවක අරලිය ගහ මන්දිරයේ සිදුවූ කුමන්ත්‍රණයක් ගැන කියමින් තමන්ට හිරිහැර කරන බව හිටපු විදේශ ඇමති මහචාර්ය ජී එල් පීරිස් කියා සිටී.

ඡන්ද ප්‍රතිපල  නිකුත් වූ ජනවාරි නමවෙනිදා අළුයම අරලියගහ  මන්දිරයේ සිදුවීම් ගැන රහස්  පොලීසිය තමන් ගෙන් ප්‍රශ්න කල බව මහචාර්යවරයා කියා සිටී.

මනුස්සකමක් හැටියට තමන් හිටපු ජනාධිපතිවරයා මුණගැසීමට අරලිය ගහ මන්දිරයට ගියා මිස වෙනත් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක දායක නොවූ බවත් අළුයම 3.30 ට පමණ තමන් අරලිය ගහ මන්දිරයට ගිය අවස්ථාවේදී  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලය අත් හැරීමට සුදානම් වන ආකාරයක් තමන්ට දැකගන්ට ලැබුනු බව හිටපු ඇමතිවරයා කියා සිටී.

images (70)

සාමකාමී ලෙස බලය හුවමාරු කරන  ආකාරය පිළබඳව ජනාධිපති ලේකම්වරයාට උපදෙස්  දීමෙන් අනතුරුව නව ජනාධිපතිවරගේ දිව්රුම් දී ගැනත්  මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කතා කල බව මහාචර්ය පීරිස් පොලිසියට  දන්වා තිබේ.

Ranil-greeted-G.L.-Peiris-in-front-of-Mahinda-Rajapaksa-sunday-leader1

කිසිදු අනවශ්‍ය සිදුවීමක් ඇති නොවීම  සඳහා හිටපු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කැඳවනු ලැබූ බවයි මහාචාර්ය පීරිස් පොලීසියට පවසා ඇත්තේ.

වර්තමාන අගමැතිවරයා ඇතුළු සිසුන් දහස් ගණනකට නීතිය කියා දුන් තමන් ඉදිරියේ රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයක්  පිළිබඳව කතා  බහක් ඇතිවීමට ඉඩක් නැති බව

මහචාර්ය ජී .එල් පීරිස් කියා සිටී.

 කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී අගවිනිසුරු මොහාන් පීරිස් මේ පිරිස අතර සිටියේද? නීතිපතිවරයා පැමිණියේද? ත්‍රිවිධ හමුදාපතිවරුන්  ගේ භුමිකාව  කුමක්වීද?

මහාචාර්ය ජී.එල් පීරිස් පිටත් වූයේ කීයටද? යන ප්‍රශ්න වලට පිළිතුරු මහාචාර්යවරයා ගේ  නිවේදනයෙන් හෙළිදරව් වන්නේ නැත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.