ජගත් ජයසූරියට මානව හිමිකම් නඩු – බ්‍රසීලයෙන් පිටවේ

jagath-jayasuriyaයුද්ධයේ අවසන් අදියරේදී යුද අපරාධ සිදු කළායැයි චෝදනා යටතේ බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ජගත් ජයසූරිය මහතාට එරෙහිව දකුණු ඇමෙරිකා රටවල් හයක මානව හිමිකම් සංවිධාන කිහිපයක් එක්ව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පවරා ඇතැයි ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය  වාර්තා කළේය.

මෙලෙස ශ්‍රී ලංකා තානාපතිවරයාට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇත්තේ බ්‍රසීලය , කොළොම්බියාව , ආර්ජන්ටිනාව ,චිලී ,පේරු සහ සූරිනේම් යන දකුණු ඇමෙරිකා රටවල් හි ක්‍රියාත්මක දකුණු අප්‍රිකාව මූලික කරගත් ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය පිළිබඳ ව්‍යපෘතිය ඇතුළු මානව හිමිකම් සංවිධාන කිහිපයක් විසිනි.

යුද්ධයේ අවසන් අදියරේදී වන්නි ආරක්ෂක ආඥාපතිව සිටියදී ඔහුගේ යුද කණ්ඩායම් විසින් උතුරේ පුද්ගලයින් ඇතුරුදන් කරවීම් ,පුද්ගලයින්යට වද හිංසා පැමිණවීම, රෝහල් වලට ප්‍රහාර එල්ල කර ඝාතනය කිරීම ආදී සිද්ධීන් සම්බන්ධයෙන් වගකිව යුතු යැයි පවසමින් ජනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව නඩු පවරනු ලැබ ඇත.

නඩු පැවරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ගැනීමට ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සහා කර ඇති අතර බලධාරීන් විසින් තහවුරු කර ඇත්තේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඉකුත් ඉරිදා (27) එරටින් පිටත්ව ගිය බවයි.

ජනරාල් ජගත් ජයසූරිය මහතා යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ඉකුත් 2015 වසරේදී බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ධූරයට පත් කෙරුණු අතර ඊට අමතරව ඔහු කොළොම්බියාව ,පේරු ,චිලී ,ආර්ජන්ටිනාව සහ සූරිනේම් යන රටවල් හීද තානාපති මුක්තිය යටතේ කටයුතු කරනු ලබයි.

ජගත් ජයසූරියට එරෙහි යුධ අපරාධ නඩුව මෙහෙයවමින් සිටින්නේ කාලෝස් ෆර්නැන්ඩස් නමැති සුප්‍රසිද්ධ නීතිඥයෙකි. ඔහු ග්වාතමාලා, ආර්ජන්ටිනා සහ චිලී යන රටවල අන්තර්ජාතික යුධ අපරාධ අධිකරණවල නඩු මෙහෙයවූ අයෙකි. මේ සමඟම සර් ලංකාවේ ආණ්ඩුව බරපතල අර්බුදයකට ලක් වෙනු ඇත. ‘රණ විරුවෙකුට මිනීමරුවෙක් විය නොහැක. ආදී ප්‍රකාශ වල සත්‍ය අසත්‍ය බව මැන බැලීම මේ අවස්ථාවේ සිදුවෙනු ඇත.

ලංකාවේ බලධාරීන් විසින් ජනරාල් ජගත් ජයසූරියව සඟවා ඔහුට ආරක්ෂාව සපයන්නට ඉඩ ඇතත්, මේ වන විට මුලු ලෝකයම ලංකාව දෙස බලාසිටින්නේ, ඔහුව අත්අඩංගුවට ගැනීමට ලංකාව සහයෝගය ලබාදේ ද යන්න පිළිබඳව ය. යම් අයෙකුට විරුද්ධව අන්තර්ජාතික වශයෙන් නඩු පැවරී තිබේ නම් ඔහු කුමන රටක සිටියත් අත්අඩංගුවට ගෙන අදාළ අධිකරණයට ඉදිරිපත් කළ හැකිය

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.