ජනපතිට STF

  • ජනාධිපති ආරක්ෂක අංශයේ රාජකාරි කටයුතු පොලිස් විශේෂ කාර්ය බලකායට පැවරීම දැනටමත් ආරම්භ කර ඇති බව පොලිස් ප්‍රකාශක පවසයි.

කෙසේ නමුත් මෙය එකවරම සිදු නොවන අතර එය පියවරෙන් පියවර සිදු වන්නක් බවයි සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර  කියා සිටියේ.

කාලයක් තිස්සේ එකම ස්ථානයක රාජකාරි කරන පොලිස් නිලධාරීනට ස්ථාන මාරු ලබා දීම පොලිසියේ සිද්ධාන්තයක් බවයි මීට හේතු දක්වමින් ඔහු කියා සිටියේ.

චෝදනා

පසුගිය පාලන සමයේ සිදු වූ ඇතැම් ඝාතන හෝ පහර දීම්වලට සම්බන්ධ බවට ජනාධිපති ආරක්ෂක අංශයට චෝදනා එල්ල  විය. මාධ්‍ය වාර්තා ගැන ජෝන් අමරතුංග අමාත්‍යවරයාගෙන් විමසු විට ඔහු කියා සිටියේ ජනාධිපති ආරක්ෂක අංශය විසුරුවා නොහරින බවයි.

කෙසේ නමුත් ජනාධිපති ආරක්ෂක අංශයේ කටයුතු වලට තමා ‘ඇඟිලි නොගසන’ බවත් එය සම්පුර්ණයෙන් ම ජනාධිපතිවරයාගේ අණසක මත ක්‍රියාත්මක වන බවත් ජෝන් අමරතුංග ඇමතිවරයා පවසයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.