ජනපතිවරණ ප්‍රතිපල නිකුත් වූ අළුයම් හෝරාවේ සිදුවීම් ගැන විමර්ශන ඇරඹේ

 

new-AG

ජනාධිපතිවරණ දින අළුයම සිදුවූවා යැයි කියන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව නීතිපති

යුවන්ජන වනසුන්දර විජයතිලක  මහතා පවසයි.
තමන් අද දහවල් එම දැනුම්දීම කළ බව නීතිපතිවරයා කියයි.

සාමාන්‍ය පරිදි පරීක්ෂණයක් පවත්වන ලෙසට තමන් එම දැනුම්දීම කළ බව අප කළ විමසීමකදී ඒ මහතා අනාවරණය කළේය.

ජනාධිපතිවරණ දින ප්‍රතිඵල නිකුත් වෙමින් තිබියදී ප්‍රතිඵල අත්හිටුවා හදිසි නීතිය පනවා රාජ්‍ය වි‍රෝධී ලෙස බලයේ රැඳී සිටීමට හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් උත්සාහ කළ බවට මංගල සමරවීර මහතා පසුගියදා චෝදනාවක් කරන ලදී.

මේ සිදුවීමට අගවිනිසුරු මොහාන් පීරිස්, ගෝඨාභය රාජපක්ෂ, උදය ගම්මන්පිල, සහ මහාචාර්ය ජී එල් පීරිස් සම්බන්ධ බව මංගල සමරවීර  මහතා කියා සිටී.

ඒ අනූව ඔහු පෙරේදා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද මේ ගැන නීතිපති උපදෙස් පතා ඇති අතර ඒ අනූව නීතිපතිවරයා උපදෙස් දී ඇත්තේ සාමාන්‍ය පරිදි පරීක්ෂණයක් පවත්වන ලෙසටය.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.