ජනපති-අගමැති පත්තිරිප්පුවේ සිට ජාතිය ඇමතීම ඉරිදා- හෙට කැබිනට් මණ්ඩලය දිව්රුම් දේ?

dalada

මේ වනවිට නව ජනාධිපතිවරයා හැකිතරම් කුඩා කැබිනට් මණ්ඩලයක් හදා ගැනීම  සඳහා කටයුතු කරමින් සිටින බව වර්තා වේ.

 මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නව ඇමති මණ්ඩලය හෙට දිවුරුම්දීමට නියමිතය.

හිටපු ජනාධිපතිවරයාගේ අැමති මණ්ඩලය සියය ඉක්මවීය

දළදා මාලිගාවේ පත්තිරිප්පුවේදී

 කොළඹ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී  කළ අතුරලියේ රතන හිමියන කියා සිටියේ නව  කැබිනට් මණ්ඩලය සාමාජිකයන් 30 කට අඩු පිරිසකගෙන් සමන්විත වනු ඇති බවයි. නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ඉරිදා මහනුවර දළදා මාලිගාවේ පත්තිරිප්පුවේදී ජාතිය ඇමතීමට නියමිතයි.

ඉරිදා උදෑසන කොළඹ සිට රිය පෙරහරකින් මහනුවරට ගමන කරන නව ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු පිරිස මහනුවර බලා යන අතරවාරයේ හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධියට පුෂ්පෝපහාර දැක්වීමටද නියමිත බව රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.