ජනපති අගමැති උසාවී නොගොස් තිස්සට ගැලවීමට ඉඩ දේද?

thissa-1එක්‌සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්‌ස අත්තනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන්, සාක්‍ෂි ලබාදීම සඳහා ලබන දෙසැම්බර් 4 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අගමැතිවරයාට හා ජනාධිපතිවරයාට දන්වා තිබුනත් ඔවුන් උසාවියට පැමිණ සිටියේ නැත. මේ වන විට දෙවරක්ම නඩුව කල් දමා තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කූට ලේඛනයක්‌ ඉදිරිපත් කර 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මෛත්‍රිපාල සිරිසේන මහතා හා එවකට විපක්‍ෂ නායකවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා අතර රහස්‌ ගිවිසුමක්‌ ඇති බවට කරුණු අනාවරණය කිරීම ඇතුළු අධිචෝදනා තුනක්‌ යටතේ නීතිපතිවරයා විසින් තිස්‌ස අත්තනායක මහතාට එරෙහිව එම නඩුව පවරා තිබිණි.

ජනාධිපතිවරයා තිස්ස අත්තනායක මහතා ගේ ක්‍රියා කළාපය දේශපාලනික එකක් සේ සිතා එය සිතින් බැහැර කිරීමට හිත ගෙන හිටියත් අගමැති රනිල් වික්‍රමසිංහ ගේ මතය වන්නේ  එය බරපතල පාවාදීමක් බවයි. එහෙත් දැන් පවතින තත්වය අනුව ශුර සංවිධායකයෙක් වන තිස්ස අත්තනායක ගේ සේවාව රනිල් වික්‍රමසිංහට අවශ්‍ය විය හැකිය. මේ නිසා අධිකරණයෙන් ගැලවී යළිත් දේශපාලනයට ඇතුල් වීමේ මගක් තිස්ස අත්තනායකට උදා maithripala-ranilවෙමින් තිබෙනවා විය හැකිය.

පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් දෙදෙනාට දැනුම්දීමේ වගකීම තමාට භාරගත හැකි නමුත් ඔවුන් නිශ්චිතවම අධිකරණයට ඉදිරිපත් කිරීමේ වගකීම තමාට භාරගත නොහැකි බව එහිදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. මේ අනුව මෙම නඩුව අතරමග නතර වුවහොත් එය පුදුමයට කරුණක් නොවනු ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.