ජනපති අද එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය අමතයි

President Maithripala Sirisenaනිව්යෝර්ක් නුවර එක්සත් ජාතින්ගේ සංවිධාන මුලස්ථානයේ දි ආරම්භ කෙරෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (19) විශේෂ දේශනයක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරය අමතන 03 වන අවස්ථාව මෙයයි. එමෙන්ම සැසිවාරයට සහභාගීවන ලෝක නායකයින් රැසක් සමග ද ජනාධිපතිතුමා මෙහිදී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගිය 17වනදා අමෙරිකාව බලා පිටත්ව ගියේය

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.