ජනපති ආරක්ෂක හමුදාව 4000 සිට 1000ක් දක්වා අඩු කෙරේ

 

 

Sri_Lanka_Military_0277

 

 

ඉදිරියේ දී ජනාධිපතිවරයා සහභාගිවන උත්සව සඳහා දරුවන් යොදා ගැනීම සම්පූර්ණයෙන් ම තහනම් කරණ බවත් ජාතික වශයෙන් වැදගත් නොවන කිසිදු උත්සවයකට තමන් සහභාගී නොවන බවත් ජනාධිපතිවරයා පැවසීය.

තමන් ගමන් නොකරණ කිසිදු අවස්ථාවක දී තම පවුලේ කිසිවකුට හෙලිකොප්ටර් යානා ලබා නොදෙන බව ද ජනපතිවරයා කියා සිටියේය.

කොටුව ඇතුළු ප්‍රාදේශීය ජනාධිපති මන්දිර කිසිවකට නොයන බවත් ඒවා ආරක්ෂාවන ආකාරයෙන් කටයුතු කරන්නේ කෙසේ ද යන්න ඇමති මණ්ඩලය සමග සාකච්ඡා කරණ බව ද හෙතෙම කීවේය. ජනපතිගේ ආරක්ෂාවට සිටි 4000ක ආරක්ෂක බල ඇණිය 1000ක් දක්වා අඩුකළ බවත් කීවේය. ජනතාවට අපහසුවක් වන පරිදි වාහන පෙළ භාවිතා නොකරණ බවත් ජනපති පවසයි.

 

 

z_p08-President2

 නිල ගුවන් යානයක්

ජනාධිපතිවරයාට පමණක් භාවිතා කිරීමට නිල ගුවන් යානයක් ලබන මාසයේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවසීය. එය ඇමෙරිකානු ඩොලර් මිලියන 16ක් හෙවත් රුපියල් කෝටි 208 ට වැඩි බවත් හෙතෙම කීවේය. මේ සඳහා මුදල් ගෙවන්නට නියමිතව තිබුණේ මහා භාණ්ඩාගාරයෙන් බවත් ඒ ගැන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර එම ගුවන් යානය ගෙන්වීම නවතා මුදල් ජනතා සුබ සිද්ධියට යෙදවීමට තීරණය කළ බවත් ජනාධිපතිවරයා කීවේය.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.