ජනපති ඉංග්‍රීසි දැනගන්න ඕනෙද?

ranil-wickramasinghe-dජනාධිපතිවරයෙකුට සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන් ගැන මනා අවබෝධයක් තිබීමේ වැදගත්කම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පහදා දෙමින් උදාහරණයකට හිටපු ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතා සිහිපත් කෙළේය. නිලධාරීන් ලියාගෙන එන ලිපියක තිබෙන ඉංග්‍රීසි වැරදි නිවැරදි කිරීමට තරම් ආර්. ප්‍රේමදාස මහතාගේ ඉංග්‍රීසි දැනුම ඉහල මට්ටමක තිබූ බවත් එසේ නොතිබුනා නම් ඔහුට ජනාධිපතිවරයෙකු දක්වා ගමන් කිරීමට නොහැකි වන බවත් අගමැති වරයා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ පසුගිය 03 වෙනිදා මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ පැවති කතෝලික ගුරු දින සැමරුම් උත්සවයට සහභාගී වෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා කියා සිටියේ එදා සියලුම පාසැල් රජයට ගනිද්දී ආගමික සභාවන් වලින් පාලනය වූ සියළුම පාසැල් රජයට නොගෙන කොටසක් තිබෙන්නට හැරියා නම් හොඳ බවයි. අද අධ්‍යාපන ක්‍රමයෙන් විභාග සමත් කිරීම පමණක් සිදුකෙරුණ ද ආගමික පසුබිමක් යටතේ තිබෙන පාසැල් වලින් හොඳ චරිතයක් සහිත මිනිසෙකු බිහිකරන බවද අගමැතිවරයා පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.