ජනපති ගේ අනුරපුර රැළිය ගැන පැමිණිලි

mahinda bus

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය  ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා පොදු දේපළ අයථා ලෙස පරිහරණය කරන බව  මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කොට ඇත.

අනුරාධපුර නගරයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැළිය සජීවී විකාශය සඳහා ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ  වාර්තා කිරීමටපමණක් රුපියල් ලක්ෂ විසි එකක මුදලක් වැය  වී ඇති බව පැමිණිල්ලේ සඳහන්

රැළියට ජනතාව ගෙන ඒම සඳහා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දහසකට අධික සංඛ්‍යාවක් යොදා ගෙන ඇති බවත් හැටන්, මඩකලපුව, කිලිනොච්චිය, යාපනය, දඹුල්ල, උඩහමුල්ල, මොරටුව, කෑගල්ල, පොලොන්නරුව, මහියංගණය, මට්ටක්කුලිය, බදුල්ල, කැකිරාව, හොරොව්පතාන සහ වව්නියාව යන පෙදෙස් වල සිට එම බස් රථ පැමිණ ඇති බවයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය කියා සිටීන්නේ.

 

බස් රථ විශාල සංඛ්‍යාවක් ඒ සඳහා යොදා ගැනීම හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ලොරිවල නැගී විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට සිදු වූ බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය කියා සිටී.

 

,

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.