ජනපති ගේ ආරක්ෂාව අනතුරේ

 

ac355a5f3a9cdb371dc7af89b4417afd937ffcb7

 

 

අගුණකොළපැලැස්සේ පැවති රැස්වීමකදී ගිනිඅවියක් සමග ජනාධිපතිතුමා සමීපයේ සිටි බව කියන යුධ හමුදා කමා‍න්ඩෝ සෙබලා පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා යුධ හමුදාව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මේ සමග මතුවෙන ප්‍රශනය වන්නේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති නොසලකිල්ලයි.තමන්ගේ ආරක්ෂකයෙක් වතුර බෝතලයක් රැගෙන පමණි බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේය. ගැටළුව වන්නේ මේ හමුදා කෝප්‍රල්වරයා ජනාධිපතිවරයා කරා ලංවනතෙක් සෙසු ආරක්ෂක බලකාය කුමක් කළේද යන්නයි.

එම සෙබලා පසුගියදා අත්අඩංගුවට ගෙන 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

අගුණකොලපැලැස්සේ පසුගියදා පැවති පාක්ෂික හමුවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමීපයේ සිටි බව කියන යුධ හමුදා කෝප්‍රල් වරයෙකු  පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබිණි.

අනතුරුව ඔහු ජනාධිපති ආරක්ෂක අංශයට භාර දී තිබූ අතර පසුව මුදා හැරීමට පියවර ගැනිණි.

මේ පිළිබඳව විමර්ශන කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යුධ හමුදාවට කළ දැනුම් දීමකින් පසුව අදාළ සෙබලා අත්අඩංගුවට ගෙන අගුණකොළපැලැස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළේ, පෙරේදා පස්වරුවේ ය.

කෝප්‍රල් රිමාන්ඩ් 

වැඩබලන මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය අනුව සැකකරු 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මේ අතර එම සෙබලා ජනාධිපතිතුමා සහභාගී වූ රැස්වීම් භූමියට ඇතුල් වූ ආකාරය පිළිබඳව ද මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මේ අතර ඇමති ආරක්ෂක කොට්ඨාසය පැවසුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තම කොට්ඨාසයෙන් ලබා දෙන ආරක්ෂක නිලධාරීන් කිසි‍විටෙක ලබාගෙන නොමැති බව ය.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා තවදුරටත් යුධ හමුදා හා පොලිස් නිලධාරීන් 225 ක පමණ පිරිසක් ‍අනුයුක්ත කර සිටයි.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසුවේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ රැස්වීමට ඇතුළු වූ සෙබලා පිළිබඳව යුධ හමුදා පොලීසිය වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ය.

රිමාන්ඩ් කළ නාමල්ගේ ආරක්ෂකයාගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා - නීතිඥවරයා හෙළි කරයි  

මුලික අයිතිවාසිකම්

කෝප්‍රල්වරයා මැයි මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගය ලබා දී ඇත්තේ අඟුණකොළපැලැස්ස මහෙස්ත‍්‍රාත්වරයා විසින් සිය රාජකාරි ආවරණය කිරීම සඳහා බලය පැවරූ වැඩබලන මහෙස්ත‍්‍රාත්වරයා විසින් නොවන බව සැකකරුගේ නීතිඥ චතුර කෝරලගේ මහතා පවසයි.

අඟුණකොළපැලැස්ස මහෙස්ත‍්‍රාත්වරයා විසින් එදින සිය රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා බලය පවරා තිබුණේ වැඩබලන මහෙස්ත‍්‍රාත් ප‍්‍රභාත් වීරසිංහ මහතාට බවත් පොලිසිය විසින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගය ලබාගෙන ඇත්තේ එදින රාජකාරි ආවරණ කටයුතු සඳහා බලය නොපැවරුණු වැඩබලන මහෙස්ත‍්‍රාත් ඉන්දික විජේරත්න මහතාගෙන් බවත් කෝරලගේ මහතා සඳහන් කරයි.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ සිය සේවාදායකයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව සඳහන් කරන කෝරලගේ මහතා මහෙස්ත‍්‍රාත්වරයාගේ රාජකාරි ආවරණය කිරීමේ නිල බලය පැවරුණු වැඩබලන මහෙස්ත‍්‍රාත්වරයා වෙත තම සේවාදායකයා ඉදිරිපත් නොකර වෙනත් එදින මහෙස්ත‍්‍රාත්වරයාගේ රාජකාරි ආවරණය නොකළ නීතිඥවරයකු වෙත ඉදිරිපත් කිරීම සැලසුම් සහගතව කරන ලද්දක් බවට අධිකරණය හමුවේ කරුණු දක්වා සිය සේවාදායකයාට සාධාරණය ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන බවද පවසයි.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.