ජනපති ගේ මැයි දින මෙහෙයුම

Maithripala Sirisenaහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනමම මයි දිනයක් පවත්වන්නට යන අතර තුර  ජනාධිපති සිරිසේන මහතා මෙහෙයුමක්

දියත් කොට ඇත. ඒ හිටපු ජනාධිපතිවරයාට මයි දිනයට එක වෙන ලෙස ආරාධනය කිරීමයි.ඒ පිළිබඳව  රිවිර දේශපාලන ලියුම්කරු තැබූ සටහනයි  මේ:

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නාරාහේන්පිට අභයාරාමයේදී ඊයේ දකුණු පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හමුවූහ.

 

මැයි 01 වැනිදාට කලින් මහින්ද මහත්තයා අගමැති අපේක්‍ෂකයා කරන්නෙ නැත්නම් අපි ශ්‍රීලනිප මැයි පෙළපාළිය වර්ජනය කරනවා දකුණු පළාත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු මෙහිදී යෝජනාවක් සම්මත කර ගත්හ.

මේ අතරවාරයේ ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා හදිසියේම එතැනට පැමිණියේය. එ් හිටපු ජනාධිපතිවරයා හමුවීමටය. අතෙහි තිබූ ලියුමක් ඔහු හිටපු ජනාධිපතිවරයා අත තැබුවේය.

ආ.. මේ ඉන්නෙ අපේ මහ ලේකම්තුමා දැන් මෙතන ප්‍රකාශයක් කරන්න මහින්ද මහත්තය අගමැති අපේක්‍ෂකයා කරනවා කියලා, දකුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු අනුර යාපා මන්ත්‍රීවරයාට බල කළහ.

එසේ වුවද එ් දෙස නිහඬව බලා සිටි අනුර යාපා මන්ත්‍රීවරයා විනාඩි පහක් පමණ එතැන අසුන්ගෙන සිට නැගිට ගොස් එම වැඩසටහන අවසන්වනතුරු එළියට වී සිටියේ කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයාද සමගය.

එ් හිටපු ජනාධිපතිවරයා හමුවීමටය. අනුර යාපා මන්ත්‍රීවරයා හිටපු ජනපතිවරයාට ගෙනැවිත් භාර දුන් ලිපියේ සඳහන් වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාට කරන ලද ආරාධනයකි. එ් මැයි දිනයට පැමිණෙන්නැයි මහින්ද රාජපක්ෂ මහතාට කළ ආරාධනයයි.

මේ අවස්ථාවේ නික්ම යාමට පැමිණි  අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා වටකරගත් පළාත් සභා මන්ත්‍රීවරු මහින්ද රාජපක්ෂ මහතා පත් කළ ශ්‍රීලනිප මහලේකම්ට ජය වේවා යැයි කීහ. “ශ්‍රීලනිපයේ පාක්ෂිකයෝ ඉන්නේ මෙතැනයි□ කියලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ගිහින් කියන්න යැයි වුන් අනුර යාපා මන්ත්‍රීවරයාට පැවසීය.

 

“හරි මම කියන්නම් යැයි පැවසූ අනුර යාපා මන්ත්‍රීවරයා එතැනින් නික්ම ගියේය.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.