ජනපති ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සාර්ථක වන තුරු සිටින්නේද? සෝමවංශ අමරසිංහ

somawansa_amarasinghe1ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවත්, සිව්වැනි වතාවේ එම ඝාතනය සාර්ථක වන තුරු සිටින්නේදැයි තමන් ඔහුගෙන් විමසූ බවත්, ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා අද කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් හෙළි කළේය.
[vsw id=”/Bflq1S9anlo” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

තමන් මැයි 1 වැනිදා මේ සම්බන්ධයෙන් කළ උපවාසය නිසා ජනපති ආරක්ෂාවේ සිටි 2000ක් පමණ ආරක්ෂක නිලධාරීන් ඉවත් කර නව පිරිසක් බඳවා ගෙන ඇති බවත්, එය තමන් 62ලක්ෂයක් ජනතාවගේ නායකයා ආරක්ෂා කිරීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් බවත්, ඒ මහතා පෙන්වාදුන්නේය.

ජනපති ඝාතනයට තුවක්කරුවන් තිදෙනෙකු පැමිණි බවද, සිව්වැනි වතා‍ෙව් එය සාර්ථක වනතුරු ‍සිටින්නේදැයි ජනපතිගෙන් විමසා කුමන්ත්‍රණ විරෝධී පෙරමුණක් සැදීමට තමන් ඔහුගෙන් අවසර පැතූ බවද ඒ මහතා එහිදී පැවසීය.

අරලියමැදුරේ කුමන්ත්‍රණය ගැන කතා කළෙත් ජවිපෙ බවත්, දැන් ජවිපෙ ඒ ගැන නිහඬ බවත්, පැවසූ අමරසිංහ මහතා දැන් එය පවුල් ප්‍රශ්නයක් යැයි හුවා දැක්වීමට ඔවුන් කටයුතු කරන බවත්, කියා සිටියේය.

තනි මිනිහෙකුට කරන්න පුළුවන් දේවල්  ලෙස ඝාන්ධි තුමා, නෙල්සන් මැන්ඩෙලා මෙන් තමන් උපවාස දෙකක් කළ බවත්, එකක් අධ්‍යාපනයට සියයට 6ක් ඉල්ලා බවත්, අනෙක අරලියමැදුරේ කුමන්ත්‍රණයට එරෙහිව බවත්, ඔහු පෙන්වාදුන්නේය.

ජනපති මළොත්, එසේ නැති නම් අකර්මන්‍ය වුවහොත් බලය යන්නේ දෙසතියකට අගමැතිට බවත්, ඉන් පසු පාර්ලිමේන්තුවේ වැඩි බහුතරය හිමි ශ්‍රීලනිපයේ පාදඩකරණ කණ්ඩායම හිටපු නායකයා යළි බලයට ගෙනඒමට කටයුතු කරනු ඇති බවද සෝමවංශ අමරසිංහ මහතා කීවේය.

මෛත්‍රී යනු අවුරුදු 6 බලය අවුරුදු 5න් අතහැරීමට ඉදිරිපත් වූ නායකයා බවත්, ‍ඇතැම් නායකයින් අවුරුදු 6න් පසු තවත් සිටි බවත්, හිටපු නායකයා හැමදාමට නායකයා මෙන් මළ පසු එම්බාම් කළත් නායකයා ලෙස සිටීමට උත්සාහ කළ බවත්, හෙතෙම පෙන්වාදුන්නේය.

තමන් ලෙඩෙකු, වයසක පුද්ගයෙකු යැයි ජවිපෙ පිරිසක් කියන බවත්, එසේ කියන අයට තමන්ට ඇති ලෙඩේ කුමක්දැයි ප්‍රසිද්ධ කරන ලෙසත්, ඕනෑම අයෙකු සමග සිනාසීමට, දිවීමටද හැකියාවක් ඇති බවත්, ඒ මහතා එම මාධ්‍ය හමුවේදී සිනා මුසු මුහුණින් පැවසුවේය.

අනුර කුමාර කියන කතා පිටුපස අලි පැටියෙක් සිටින බවද පෙන්වාදුන් අමරසිංහ මහතා රෝහණ විජේවීර තැනූ එම පක්ෂයේ දැන් විප්ලවාදීන් නැති බවත්, අලියාගේ බෙල්ලේ සීනුව ගැට ගැසෙමින් ඇති බවක් දක්නට ඇති බවත්. කියා සිටියේය.

නැවත නායකත්වය ලබාදුන්නොත් ගන්නේදැයි මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළ විට අමරසිංහ මහතා කියා සිටියේ තමන් දාපු වමනය යළි කන මිනිහෙක් නොවන බවයි.

ජවිපෙ කුණු ගඳ ගහන ප්‍රශ්න තව ගොඩාක් ඇති බවත්, ඒවා හෙළි කළොත් සැබවින්ම එම පක්ෂයට ඉදිරි ගමනක් නැති බවත්, කියා සිටි ඒ මහතා ජවිපෙට අවුරුදු 50ක් පිරුණු 2015 මැයි 14දා නව පක්ෂයක් පිහිටුවීම සඳහා තමන් කමිටුවක් පත් කරගත් බවද කියා සිටියේය.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.