ජනපති ප්‍රකාශය පක්ෂයට හානිකරයි. – ජනක බණ්ඩාර තෙන්නකෝන්

janaka1

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (14) පස්වරුවේ සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් තමා ඉතාමත් කනගාටුවට පත්වන බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසා ඇති අතර ඊයේ රාත්‍රීයේ හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් හෙතෙම කියා ඇත්තේ තමන් මේ බව කියා සිටින්නේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස හෝ අමාත්‍යවරයෙකු ලෙස නොවන පක්ෂයට ආදරය කරන පාක්ෂිකයෙකු ලෙස බව යි.

මැතිවරණයක් ප්‍රකාශයට පත්කොට ඒ වෙනුවෙන් කටයුතු සිදුකෙරෙන මොහොතක මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම තුළින් පක්ෂයට බරපතළ අවාසි සහගත තත්ත්වයක් වෙතැයි තමා විශ්වාස කරන බවත් ඒ නිසාම වහාම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී ඉදිරි මැතිවරණයට මුහුණදිය යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කළ යුතුව ඇති බවත් තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.