ජනපති සොවින්………………………….

maithripala-sirisenaලංකාවේ ඇතැම් ජනමාධ්‍ය ‘අශීලාචාර’ වාර්තාකරණයක නිරතව සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

පසුගිය පාලන සමයේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට එරෙහිව මතු වී තිබුණු බාධා ඉවත්කරමින් ඉදිරියට යාමට සිය ආණ්ඩුව කටයුතු කරන අතරවාරයේ, ඇතැම් ජනමාධ්‍ය අසත්‍ය පුවත් පළකිරීම කණගාටුවට කරුණක් බවත් ඔහු පැවසීය. රාජ්‍ය මාධය දැඩි ලෙස අක්‍රීය වී ඇති මොහොතක ජනපතිවරයාට කළ හැක්කේ ශෝකය පල කිරීම පමණි.

ජනාධිපතිවරයා ඒ අදහස් පළ කළේ, ගාල්ල ලබුදූවේ සිරිධම්ම විද්‍යාලයේ සෙනසුරාදා පැවති ‘ජනපති නිල මෙහෙවර’ සේවයේ සමාප්ති උත්සවයෙන් අනතුරුව පැවති ආගමික සංහිඳියාව තහවුරු කිරීමේ වැඩසටහන සඳහා රැස්ව සිටි පිරිස අමතමිනි.”ජීඑස්පී (GSP+) සහනය පෙරේදා ප්‍රකාශයට පත්කළාට පස්සේ, මේ ජීඑස්පී දීල තියෙන්නේ ෆෙඩරල් ඇතිකිරීමේ එකඟතාවයක් මතයි කියල පුවත්පතක මුල් පිටුවේ පළකරන්නට තරම් මේ රටේ මාධ්‍ය අශීලාචාර වෙලා තියෙන එක ගැන මම ඉතාමත් කණගාටු වෙනවා,” ඔහු පැවසීය.

මෙවැනි පුවතක් සම්බන්ධයෙන් විශ්වසනීය ලෙස සන්නිවේදනය කිරීමට රාජ්‍ය මාධ්‍ය අසමත් වී ඇත්තේ මන්ද යන්න පිළිබඳව රාජ්‍යයේ නායකයා විසින් තමන් ගෙන්ම ප්‍රශ්න කරගත යුතුව ඇත.

ජනතාවට සත්‍ය තොරතුරු ලබාදීම ජනමාධ්‍යවල වගකීම බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙන්වා දුන්නේය.ෆෙඩරල් පාලන ක්‍රමයක් හඳුන්වා දීමට සිය ආණ්ඩුවේ කිසිදු අභිලාශයක් නොමැති බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

“විදේශීය ආයෝජන ගෙන්නන විට අද සටන් පාඨයක් කරගෙන තියෙනව අපි රට විකුණන්න හදනවයි කියල. ඔය කවුරුවත් කියන විදියට ෆෙඩරල් දෙන්නවත්, මේ රටේ භූමිය පිටරටට දෙන්නවත් මගේ ආණ්ඩුව කිසිවිටෙකත් කටයුතු නොකරන බව බොහොම පැහැදිලිව කියන්නට ඕන.”

අද ආණ්ඩුවට හිතවත් මාධ්‍ය නැත.ඇත්තේ තමන් ආණ්ඩුවට හිතවත් බව පෙන්වන මාධ්‍යවේදීන් කීප දෙනෙක් පමණි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.