ජනපති හම්බන්තොට දී මුට්ටිය දමයි

President Maithripala Sirisenaතංගල්ල ආසනයට ධීවර ඇමැතිධූර තුනක් තිබීම ගැටළුවක් වි ඇත්නම්  ධීවර කැබිනට් ඇමැතිධූරයේ වෙනසක් කිරීමට තමා කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

“ධිවර කැබිනට් ඇමැති ධූරය මහින්ද අමරවීර මහතාටත්, එහි රාජ්‍ය ඇමැති ධූරය දිලිප් වෙද ආරච්චි මහතාටත්, දකුණු පළාත් ධීවර ඇමැති ධූරය එච් .ඩබ්. ගුණසේන මහතාටත් හිමිව තිබෙන බව මම අද දැනගත්තා. මේ තුන් දෙනාම තංගල්ල ආසනයේ ම නියෝජනය කරන හෙයින් ධිවර කැබිනට් ධූරයේ වෙනසක් කරන්න සුදුසුයි කියා මා කල්පනා කරනවා. “යැයි ජනපතිවරයා කියයි.

සිදු කිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල වෙනස පිළිබඳව මේ මගින් ඉඟියක් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කොට ඇති  බවක් පෙනෙන්නට තිබේ.

ඒ නිසා රටට  වැඩක් කළ හැකි, විශේෂයෙන්  හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධනයට උපරිම සේවයක් ඉටු කළහැකි, අමාත්‍යංශයක් අමරවීර මහතාට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මාගම් රුහුණුපුර ජාත්‍යයන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (16) පැවැති උත්සවයකදී ය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.