ජනපති නිකුත් කල ගැසට් පත්‍රය අවලංගු කරන්නැයි මන්නාරමේ විරෝධතා

mannarදිනසේන රතුගමගේ

විල්පත්තු අභයභූමියෙන් උතුරු පළාතට පිහිටි වනාන්තර ප්‍රදේශය රක්ෂිත කලාපයක් ලෙසට ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරණ මෙන් ඉල්ලා මන්නාරමේ වැසියන් පිරිසක් මාර්තු 28 දා සවස අඛණ්ඩ විරෝධතාවයක් දියත් කොට තිබේ.ජනාධිපතිවරයා මෙම විශේෂ ගැසට් නිවේදනයට අත්සන් තබා ඇත්තේ මීට දින තුනකට පමණ පෙර රුසියාවේ මොස්කව් නුවරදීය.

මන්නාරම මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන පහක වැසියන් පිරිසක් විසින් මෙම විරෝධතාවය දියත් කොට ඇත්තේ මරිච්චිකට්ටු මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිටදීය.විරෝධතා කරුවන් පවසන්නේ වසර පන්සීයකට වඩා වැඩි කාලයක් මෙම පළාතේ වැසියන් පදිංචිව සිටි නිසා 2012 වර්ෂයේදී ගැසට් නිවේදනයක් මගින් එම ප්‍රදේශය විල්පත්තු රක්ෂිතයෙන් ඉවත් කළ බවයි.

නව ගැසට් නිවේදනයට අනුව විලපත්තු අභය භූමියෙන් උතුරු පළාතට මායිම් වන ප්‍රදේශය රක්ෂිත වනයක් ලෙස නම් කිරීම නිසා වවුනියාව දිස්ත්‍රික්කයේත්,මන්නාරම දිස්ත්‍රික්කයේත් ජනතාව ජීවත් වන ප්‍රදේශ රක්ෂිත කලාපයට අයත් වන බැවින් ඔවුන්ගේ ඉඩම් සංවර්ධනයට විශාල බාධාවක් වන වගයි.

මේ නිසා ජනාධිපතිවරයා මෙම නව ගැසට් නිවේදනය පිළිබදව යළි සලකා බලා ජනතාව ජීවත් වන ප්‍රදේශ රක්ෂිත කලාපයෙන් ඉවත් කළ යුතු බව කියා සිටින විරෝධතා කරුවෝ එම ගැසට් නිවේදනය අවලංගු කරණ තෙක් අඛණ්ඩ විරෝධතාවයේ නිරත වන බවද කියා සිටියහ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.