ජනාධිපතිතුමාගේ ප‍්‍රකාශය නිසා පුරවැසි බලය කලබලයට පත්වෙලා………

maithripala-sirisenaහිටපු ජනාධිපති ලේකම් සහ හිටපු නාවික හමුදාපතිවරු අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිලධාරීන් සහ දේශපාලන බලධාරීන් වෙත චෝදනා මුඛයෙන් කරුණු දැක්වීම සම්බන්ධයෙන් පුරවැසි බලය දැඩි ලෙස කලබලයට පත්ව සිටියි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන බලයට පත්කිරීම වෙනුවෙන් පෙනී සිටි පුරවැසි බලය කියා සිටින්නේ දැන් තමන්ව පාවාදී ඇති බවයි. සිවිල් සංවිධාන කි‍්‍රයාකාරීන් වෙනුවෙන් ප‍්‍රකාශයක් කල සමන් රත්නපි‍්‍රය කියා සිටින්නේ ජනාධිපතිවරයා යහපාලන ආණ්ඩුව විසින් ස්ථාපිත කරන ලද ස්වාධින කොමිශන් සභාවල කටයුතු වලටත් ඇඟිලි ගසන්නට පටන් අරන් ඇති බවයි. මේ අතර වාරයේ කලාකරුවන් වෙනුවෙන් ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණු සාදයක්ද කලාකරුවන් පිරිසක් වර්ජනය කලහ. සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ කියා සිිටියේ තමන් ඇතුළු පිරිසත් මේ සාදයට සහභාගී නොවන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.