ජනාධිපතිවරණයේදී ලක්‍ෂ 58 මහින්ද රාජපක්ෂ ගේ පෞද්ගලික ඡන්ද නොවේ

download (83)

පසුගිය ජනාධිපතිවරණයේදී ලක්‍ෂ 58ක් ලබා දුන් ඡන්දය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පෞද්ගලිකව ලබා දුන් ඒවා නොවන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසයි.

විපක්‍ෂ නායකවරයා ‘ඩේලි නිව්ස්’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පවසන්නේ හිටපු ජනාධිපති රාජපක්ෂට නිර්භීතල ප්‍රෞඪ පෞරුෂයක් තිබූ බවත්, ඔහු ජනතාවගේ හිත දිනාගෙන සිටි බව ඇත්ත වුවත් එය එක් පැත්තක් පමණක් බවයි.

ශ‍්‍රීලනිපයේ හා සන්ධානයේ හවුල්කාර පක්ෂවල ඡන්ද පදනම නැතිවී ඇතැයි එයින් හැඟී නොයන බවද පවසන ඔහු ඇතැම් පක්ෂ මහින්ද රාජඵක්‍ෂ මහතා අගමැති අපේක්ෂකයා වශයෙන් යළි ගෙන ඒමට උත්සාහ දරන බවත් කියයි.

විපක්‍ෂ නායකවරයා වැඩිදුරටත් පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතා හොඳ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් වන නිසාල ශ‍්‍රීලනිපය දෙකඩ නොකරන බවට ඔහු ඇති සහතිකය කඩ නොකරනු ඇතැයි ද බලාපොරොත්තු වන බවද කීය.

1944 සැප්තැම්බර් 06 වන දින උපන් නිමල් සිරිපාලද සිල්වා මහතා මේ ගත කරන්නේ තම දිවියේ 71 වන වසරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.