ජනාධිපතිවරන ප්‍රතිපල නිකුත් වූ අළුයමේ අභිරහස

 

download (6)

 

ජනාධිපතිවරණ ප්‍රතිපල නිකුත් වූ මැදියම් රාත්‍රිය සහ හිටපු  ජනාධිපති මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයෙන් නික්ම ගිය  අළුයම් හෝරාව අතරතුර කාලයේදී බොහෝ දේ

සිදුවී ඇති බව පැහැදිලිය.

 

ඇත්ත වශයෙන්ම මහින්ද ජන්ම බලයට හිස නමා අරලියගහ මන්දිරයෙන් නික්ම ගියාද එසේත් නැතිනම් බලයේ රැදෙන්නට හැකි සියළුම දේ කොට ඒ සියල්ල වැරදී ගිය තැන

රනිල් වික්‍රමසිංහ ගෙන් ආරක්ෂාව පිළිබඳව සහතිකයක්  ගෙන කඩිමුඩියේ නික්ම ගියාද යන ප්‍රශ්නයට නිවැරදි පිළිතුරක් ගොනු කර ගැනීම අසීරුය.

මන්දයත් ව්ශ්වසනීය තොරතුරු හිඟය. එහෙයින් දැනට කල හැක්ක්කේ විවිධ මුලාශ්‍ර වලින් ගත තොරතුරු එක තැන් කරගෙන සිද්ධි ප්‍රතිනිර්මාණය කරගැනීම පමණි.

web5

සිද්ධි ප්‍රතිනිර්මාණය

 

ඡන්දය ප්‍රකාශ කොට අරලියගහ මන්දිරයට පැමිණි මහින්දට තමන් ජයග්ර්හ්න්ය කරන් බවට දැඩි විශ්වාසයක් විය.උතුරේ ඡන්ද ප්‍රකාශ කිරීම තමන් හිතුවාට  වඩා වැඩි ප්‍රමාණයකින් සිදුවී ඇති බව දැනගත් විට ඔහු තරමක් සලිත වූ නමුත් සන්සුන් හැසිරීමක් පවත්වා ගත්තේය.

බැසිල් පෙනෙන්ට නොවූ අතර ගෝඨාභය වැඩි කතාබහක් නැතුව සිටියේය.

ජනපතිවරයා සතු බලතල භාවිතා කර ඡන්ද ප‍්‍රතිඵල නිකුත්  කිරීම අත්හිටුවා  තවදුරටත් ජනපතිධූරයේ රැදී සිටීමට නීතිමය අවකාශයක් තිබේද යන්න පිළිබඳව

මහින්ද නීති උපදෙස් ගෙන තිබු අතර අනපේක්ෂිත තත්වයක් ඇතිවුවහොත් එසේ කල හැකි නොවේද යන්න  ඔහු ගේ සිතට එන්නට ඇත.

.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයෝ මැතිවරණ ප‍්‍රතිඵල අධ්‍යනය කළ හැකි පරිදි විශේෂ මෙහෙයුම් කාර්යාලයක් අරලියගහ මන්දිරයේ පිහිටුවාගෙන තිබු අතර ඊට ලැබුණු  තොරතුරු විවිධ ආකාරයෙන් ව්ශ්ලේෂණය වන්නට විය.

නියෝජිතයෝ ඡුන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල ට අනුයුක්ත කොට සිටි අතර දුරකථන ඇමතුම් දෙමින් මෙහෙයුම් මධ්‍යස්ථායේ සිටි මහින්ද නිරතුරුව දැනුවත් කෙරින.

.සිකුරාදා අලූයම් කාලය වන විට  මහින්ද ගේ  පරාජය ස්ථීර වශයෙන්ම සිදුවෙන බව තහවුරු විය.මෛත්‍රී   ලබාගෙන සිටින ඡුන්ද සංඛ්‍යාව ඉක්මවා යැමට මහින්දට නොහැකි බව පැහැදිලි විය.

මොහාන් පීරිස් ගේ ඉරණම තීන්දු වෙයි
මොහාන් පීරිස් ගේ ඉරණම තීන්දු වෙයි

 

උදෑසන 4.30 ට පමණ මහින්ද  රනිල්ට  දුරකථන ඇමතුමක් ලබා දුන්නේය. තමා අරලියගහ මන්දිරයට පැමිණ මුහුණට මුහුණ හමුවීම වඩා හොද යැයි රනිල් කියා සිටියේ තත්වයේ

බැරෑරුම් කම මැනවින් තේරුම් ගෙන් සිටි නිසාය.

රනිල් මේ බව මෛත්‍රී  ටද,ප‍්‍රජානත්ත‍්‍රවාදී පක්ෂයේ අනෙක් නායකයින්ටද දැනුම් දී අරලියගහ මන්දිරය බලා පිටත් විය

රාජිත සේනාරත්න සහ අතුරලියේ රතන හිමියන් මේ ගානට දැඩි ලෙස විරුද්ධ වුහ. එහෙත් රනිල්පිටත් විය.

.ආරක්ෂකයින් දොරටු විවර කර දුන් පසු එහි ඇතුල්වූ විපක්ෂ නායකවරයා තවත් ආරක්ෂක මුරකපොලූ 3 කට පසුකොට ගිය විට මහින්ද දැකගත හැකි විය.

නොසිතු අමුත්තෙක් එහි විය.ඒ අගවිනිසුරු මොහාන් පීරිස් ය.

download (51)

දිගින් දිගටම මැතිවරණ ප‍්‍රතිඵලද නිකුත් වෙමින් පැවතින.

.වික‍්‍රමසිංහ මහතා සමග රාජපක්ෂ මහතා,ජනාධිපති ලේකම් ලලින් වීරතුංග,ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කතා භට එක්වුහ.

මහින්ද චන්ද්‍රිකාට දොස් පවර්නට විය.

ඇය කොළඹ එක්තරා තනාපති කාර්යාලයකදී පැවැති උත්සවයකදී තමන්ට හා තම සහෝදරයින්ට බොරු චෝදනා එල්ල කර ඇතැයි මහින්ද කියාසිටියේය.

සාමකාමී බල හුවමාරුවක වැදගත්කම දැනගෙන සිටි රනිල් තම තුරුම්පු ම්සේය මතට දැම්මේය.

කලබලයකින් තොරව බලය අතහැරීමට සූදානම් නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ නායකයින් ඇතුලූ තමා මහින්දටත් ඔහුගේ පවුලේ සාමාජිකයින්ටත් ආරක්ෂාව සලසන බව

කියා සිටියේය.

රනිල් ගේ පොරොන්දු

මහින්දටත් ගෝඨාභයටත්  සපයා තිබූ ආරක්ෂාවද  දිගටම ලබාදීමට රනිල් පොරොන්දු විය.මෙහිදී  ජයික් හිල්ටන් හෝටලය අසල පිහිටි රජයේ සංචාරක නිකේතනයක් වන ඔක්ලන්ඞ් හවුස් තමාගේ නිල නිවස ලෙස භාවිතා කළ හැකිදැයි  මහින්ද විමසීය.එය ව්‍යවස්ථානුකූල බවත් එතැන සිට තමන්ගේ ආරක්ෂාව සළසා ගත හැකි බවත් මහින්ද කියා සිටියේය .එල්.ටී.ටී.ඊ ය පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන් නිසාවෙන් තමා හට එල්ලවී තිබෙන ජීවිත තර්ජනය තවමත් පහව නැති බව ඔහු  පැවසීය.

හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා තවත් මාතෘකාවක් විය.

සරත් ෆොන්සේකා තමාට හෝ තමාගේ පවුලේ අයට හෝ තම සොහොයුරු ගෝඨාභයට හෝ  කිසිදු අයුරකින් හිරිහැර නොකළ යුතුව ඇති බව මහින්ද කියා සිටියේය.

download (52)

සරත් ෆොන්සේකා  මෛතී‍්‍ර සමග ඇතිකරගෙන තිබෙන එකගතාවයට අනුව පහ කෙරුණු ඔහුගේ නිල තල යළි ලබාදීමටත්,ෆීල්ඞ් මාර්ෂල් ධූරය දක්වා උසස් කිරීමටත්,අඩුම තරමේ ආරක්ෂක අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමතිවරයා ලෙස පත් කිරීමටත් එකතාවයන් ඇතිවී තිබෙන නිසා මේ ගැන රාජපක්ෂ වරුන් අතර ඇතිව තිබුනේ චකිතයකි.

රනිල් ඔවුන් සනසවමින්  සරත් ෆොන්සේකා මහතා පළිගැනීමේ චේතනාවක් පෙරදැරිව කි‍්‍රයානොකරන්නෙකු බවට සහතිකයක්ද දුන්නේය.තවත් කරුණක් මෙහදි මතුකළ රනිල් වික‍්‍රමංසිහ මහතා හිටපු ජනපතිවරයා පාප් වහන්සේට මෙරටට පැමිණෙන්නැයි ආරාධනා කළ තැනැත්තා වන නිසාද,ජනපතිවරයාගේ බිරිද ශිරන්ති රාජපක්ෂ මහත්මිය කතෝලිකයෙකු වන නිසාද පාප්වහන්සේ එළැඹෙන අගහරුවාදා ලංකාවට පැමිණි විට උන්වහන්සේ පිළිගැනීමේ ගෞරවය මහින්ද රාපක්ෂ මහතාම භාරගත යුතුව ඇතැයි කීය.

හමුව නිමවී පිටත්ව යෑමට රනිල් සුදානම් වෙත්ම ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණි.

රනිල් ඒ ළඟ සිටි මහින්දට දුරකතනය දුන්න්නේය එහා කෙළවරේ සිටීයේ මෛත්‍රීය.

.ඒ වන විට ඔක්ලන් හවුස් තම නිල නිවස ලෙස භාවිතා කිරීමට රාජපක්ෂ මහතා අවසරය ඉල්ලූ බව වික‍්‍රමසිංහ මහතා සිරිසේන මහතාට පවසා තිබුණි.රාජපක්ෂ මහතා හා යෙදුණු සංවාදයේදී නව ජනපතිවරයා එම අවසරය ලබා නොහැකි බවත් එම නිවස වෙනත් කටයුතු සදහා යෙදාගැනීමට සැළසුම් කර තිබෙන බවත් පැහැදිලි කර දුන්නේය.ඒ වෙනුවට කොළඹ අවටින් බංගලාවක් වෙන්කර දිය හැකි බව ඔහු කියා සිටියේය.

රනිල් නික්ම ගියේය.

වඩාත් වැදගත් වන්නේ රනිල් පම්නීම්ට පෙර සිදුවු දේය.

 

download (53)

කුමන්ත්‍රණකාරී ලෙස

මංගල සමරවීර මන්ත්‍රීවරයා පවසන  පරිදි මහින්ද පොලිස්පතිවරයා ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ නීතිපතිවරයා කැඳවා තමාට  තවදුරටත් අවුරුදු දෙකක්  ඇති හෙයින් රැදෙන්නට සහයෝගය දෙන්නේදැයි විමසා ඇත. පොලිස්පති එන් .කේ ඉලංගකෝන් සහ හමුදාපති දයා රත්නයක ඊට එරෙහිව  දැඩිව කථා කළ  බව මංගල කියා සිටී

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා කියා සිටීයේ මහින්දට පක්ෂ හමුදා නායකයින් පිරිසක් කුමන්ත්‍රණකාරී ලෙස බලයේ රැදෙන්ට උත්සාහ කළත් ඒ වන විට තමන් හමුදා ප්‍රධානින්

හා  අදහස් හුවමාරු කරගෙන ඔවුන්ට රැකවරණ ලබාදෙන බව පොරොන්දු වී සිටි බවයි, මේ නිසා හමුදා ප්‍රධානීන් ස්වාධීනව කටයුතු කිරීමට එකඟ වූ අතර කුමන්ත්‍රණකරුවන්

අනාථ වූ බව ත් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා කියා සිටී.

මංගල සහ රාජිත කියන දේ ඇත්ත නම් මහින්ද බලය අතහැර ඇත්තේ කල හැකි සියල්ල කිරීමෙන් පසුවයි.චම්පික රණවක මන්ත්‍රීවරය පවසන පරිදි බිහිසුණු අනතුරක් යාන්තමින්

වැලකී ගොසිනි.

මංගල කියා සිටින්නේ මේ පිළිබඳව විධිමත් විමර්ශනයක් කරන බවයි. මේ විමර්ශනය විනිවිද  පෙනෙන ආකාරයට කිරීම මැනවි.මන්දයත් ජනතාවට තමන්ගේ ඉරණම හැ කරන

සෙල්ලම් ගැන දැන ගැනීමට අයිතියක් තිබෙන බැවිනි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.