ජනාධිපතිවරයාට ප්‍රහාර එල්ල කිරීම් සැලසුමක්?

10392492_10153003615361327_1170730347015722806_n

ජනාධිපතිවරයා ඇතුළු තවත් අනෙකුත් සම්භාවනීය අමුත්තන් පිරිසක් ඝාතනය කිරීමේ උත්සහයක් පැවති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත කියා සිටී.

පෙබරවාරි මස 4 වැනිදා ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේහි පාර්ලිමෙන්තු සංකීර්ණය අසල  පැවැත්වුනු නිදහස් දින සමරුවට සහභාගී වන  ජනාධිපතිවරයාට හා අනෙකුත් සම්භාවනීය අමුත්තන්ට ප්‍රහාර එල්ල කිරීමට  සුදානමක් පිළිබඳව ආරංචි වීමන්  අනතුරුව ආරක්ෂක විශේෂඥයින් හා රැස්වීම් වට කීපයක්ම පැවති බව පුවත් පතේ දේශපාලන වාර්තාකරු කියා සිටී.

ජනාධිපතිවරයා ඉන්දීය අගමැති මෝදී මහතා අඳින වර්ගයේ කබායක් නිදහස් දිනයේත්  හැඳ  සිට අතර එය විලාසිතාවකට වඩා  වෙඩි නොවදීන කබායක් බව පෙනෙන්ට තිබේ.

 

1800396_10153003615451327_8210721194302503140_n

ජනාධිපති . සිරිසේන මහතාට එරෙහිව  මීට පෙර අවස්ථා කීපයකදී කොටි සංවිධානයෙන් ප්‍රහාර එල්ල වී ඇත.

ස්විට්සර්ලන්තයේ  සම්මේලනයකට සහභාගිවීමට ගිය අවස්ථාවේදී සිරිසේන මහතාට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබු අතර ඊට හේතුව තවමත් රහසකි.

දේශීය වශයෙන් දුෂිතයින් පිළිබඳව හොයා බැලීමට ජනාධිපති කොමිසක් පත් කිරීම .නව ඔසු ප්‍රතිපත්තියක් හඳුන්වාදීම, ජාතිකවාදී අන්තවාදයන්ට එරහිව කටයුතු කිරීම සිරිසේන මහතා අනාරක්ෂිත කිරීමේ විභවයක් ඇති හේතු සේ දේශපාලන නිරීක්ෂකයින් විසින් හදුනා ගෙන තිබේ.

ඉන්දියාවේ හිටපු අගමැති මන් මෝහන් සිංග් ඉන්දීය ජාතික දිනයට  සහභාගී වුනේ වෙඩි නොවදින වීදුරු ආවරණයකට මුවාවෙමිනි. ප්‍රසිද්ධ රැස්වීම් වලට සහභාගීවීමේදී සිරිසේන මහතාට එවැනි ආරක්ෂාවක් නබ දිය යුතුද යන්න කල්පනා කල යුතුය.

An attempt to attack the President on independence day revealed?

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.