ජනාධිපතිවරයා අනාරක්ෂිතද?

 

 

DSC01mithri

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති පාලනයට විව්ධාකාර අභියෝග එල්ලවෙමින් පවතින් අතර ජනාධිපතිවරයාගේ ජීවිත ආරක්ෂාවට තර්ජන තිබෙන බව

සනාථ නොවූ ආරංචි වලින් හෙළිදරව් වෙමින් පවතී.

මෙය හුදෙක් ජනප්‍රිය බව රැක ගැනීම සඳහා ප්‍රචාරය කරන පුවතක්ද යන ප්‍රශ්නය මතු වෙතත් මේ අවස්ථාවේ දී  සිරිසේන මහතාට එවැනකින් ප්‍රයෝජනයක් නැත.

පසු ගිය රජයේ  අවි  සහ මත්ද්‍රවය ගනුදෙනු ගැන විමර්ශනය නොකොට සිටිය හැකි තත්වක් උදා  වෙමින් පවතී. මාදුළුවාවේ සෝභිත හිමියන් කියා සිටින්නේ  මේවා ගැන හොයන්නේ නැතිනම් ජනතාව සමග පාරට බසින බවයි.

රාජපක්ෂවරු නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට උත්සාහ කරමින් සිටින අතර මේ නව විමර්ශන නිසා අමාරුවේ වැටෙන පිරිස් ඊට සහයෝගය පල කරමින් සිටිති.

හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා වූ කපිල හෙන්දවිතාරණ ඉල්ලා අස්වුවත්  තවමත් රාජපක්ෂවරුන්ගේ සහචරයින් ලෙස කටයුතු කළ බොහෝ පිරිසක් ආරක්ෂක අංශවල ඉහළ වගකිවයුතු තනතුරු දරති.

SIRISENA ATTACK

බොරලැස්ගමුවේ එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව

 

මේ වන විට දිනපතා හෙළිවන අතිවිශාල දූෂණ සහ වංචා හමුවේ එම වංචාවලට සම්බන්ධ පිරිස් නිසොල්මන්ව සිටිතැයි සිතිය නොහැක.

මේ නව වැඩ පිළිවෙලේ ප්‍රථම පියවර වන්නේ රාජපක්ෂවරුන් ගේ විශ්වසනීයත්වය යළිත් ගොඩ නාග ගැනීමයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ දළදාව වඳ පුදා  ගෙන ජනතාව අතරේ ගැවසීම, ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ චරිතාපදාන රචකයා ලවා මධ්‍ය ඔස්සේ චෝදනා වලට පිළිතරු දීම,

දුෂණ චෝදනා ඇති අය ආරක්‍ෂිත ස්ථාන කරා පසුබැස සංවිධානය වීම, බරපතල චෝදනා ඇති අය උපක්‍රමශීලීව නව පරිපාලනයට එක්  වී අතීතය යටපත් කර ගෙන පසුවකැරලි ගැසීම වන දේ සිදුවන් ආකාරයක් දැකගත හැක.

නව ජනාධිපතිවරයා  තමාට පක්ෂපාතී සහ දක්ෂ  නිලධාරීන් පත් කොට  රාජපක්ෂවරුන් විසින් මුළුමනින්ම දේශපාලනීකරණයකළ  බුද්ධි අංශ ඇතුළු සියලු ආරක්ෂක අංශ යළි කඩිනම් ප්‍රතිසංස්කරණයකට ලක්කළ යුතුව ඇතත් ,එසේ සිදුවෙනවද යන්න ප්‍රශ්නයකි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කල නව ආරක්ෂක ලේකම් බස්නායක මහතා  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අරක්ෂා කිරීමට කඩිනමින් ඉදිරිපත් වූ ආකාරය නැවත සිත බැලීමක් සඳහා පොළොඹවන ඉඟියකි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ නමට රජයේ මුදල් සහිත ගිණුමක්  රාජ්‍ය මුල්‍ය පිළිවෙතට පටහැනිව  පවත්වා ගේ යෑම වැරදි බව හිටපු විගණකාධිපති මායාදුන්නේ මහතා විසින් මේ වන් විට කරුණු කාරණා ඇතිව පෙන්වා දී තිබේ.

 

සිය දිවේ නසා ගත්   බෝම්බ කාරිය
සිය දිවේ නසා ගත් බෝම්බ කාරිය

 

උතුරේ බෙදුම්වාදය

නව ජනාධිපතිවරයා අනාරක්ෂිත වන්නේ  දකුණේ පැරණි  රෙජිමයන් පමණක් නොවේ. උතුරේ බෙදුම්වාදය වෙනුවන් පෙනී සිටින අන්තවාදීන්ට රනිල් සහ මෛත්‍රී යන දෙදෙනාම තර්ජනයකි. මන්දයත් යෝජිත ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක වුවහොත් බෙදුම්වාදයට ඇති ඉඩකඩ වියැකී යනු ඇත.මෛත්‍රීපාල සිරිසේන මහතා මීට පෙර කීප වතාවක්ම කොටි සංවිධානයේ මාරාන්තික ප්‍රහාර වලට ඉලක්ක වී ඇත.අනෙක් අතට ලෝක සෞක්‍යය සංවිධාන සමුළුවක් සඳහා  සිරිසේන මහතා  ජිනීවා නගරයට ගිය අවස්ථාවේදී ඔහු වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් යෙදීමට සිදුවිය.එසේ කිරීම සඳහා බලපා නිශ්චිත හේතු තවමත් හෙළිදරව් වී නැතත් බහු ජාතික සමාගම් සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඇත්තේ එතරම් යහපත් සම්බන්ධයක් නොවේ. හෙට අනිද්දා ඖෂධ  පණත ඉදිරිපත් කල විට තත්වය තවත් බැරෑරුම් වනු ඇත.

මේ තත්වය හමුවේ තමන්ගේත්,වටපිටාවේත් අරක්ෂාව සහ දේශපාලන ස්ථාවරත්වය සහතික කර ගැනීම ට යුහුසුළුව ක්‍රියාත්මක වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ වගකීම සහ යුතුකමයි.

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.