ජනාධිපතිවරයා ගේ ප‍්‍රකාශ මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ වසං කිරීමට බලපානවා

free mediaමෙරට ආරක්ෂක අංශයේ යම් යම් ක‍්‍රියාකාරීත්වයන් සම්බන්ධයෙන් ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද එල්ල වන චෝදනා පිළිබඳව සඳහන් කරමින් ඒ සියල්ල රාජ්‍ය නොවන සංවිධානවලින් නැෙඟන චෝදනා බවට ලඝු කරමින් ජනාධිපතිවරයා මෙහි දී කියා සිටියේ තමන් ඉතා පැහැදිලිව යුධ, නාවික, ගුවන් යන ත‍්‍රිවිධ හමුදාවත්, පොලිසියේ සියලූ‍ දෙනාත් ඉතාමත් වගකීමෙන් ආරක්ෂා කරන බවය. ජනාධිපතිවරයා සේනාධිනායකයා වශයෙන් එබඳු ප‍්‍රකාශයක් සිදු කිරීම සාමාන්‍ය තත්වයෙහි ලා සැළකිය හැකි වුව ද, වරින්වර මෙබඳු ප‍්‍රකාශ මගින් කරනු ලබන අවධාරණයන් ගැටලූකාරී ප‍්‍රකාශයන් ලෙස අප දකින්නේ රටේ පවතින සන්දර්භයට සාපේක්ෂව බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

ජනමාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතන ගණනාවකට එරෙහිව සිදු වූ අපරාධ පිළිිබඳ චෝදනාවලට සමහර ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නම් සම්බන්ධ වී තිබේ. අද වන විට එම පරීක්ෂණ සියල්ල තිබෙන්නේ එකතැන හිර වූ තත්ත්වයක පවතින බවයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දෙන්නේ.

මෙම පරීක්ෂණ කඩිනම් කොට වින්දිතයින්ට සාධාරණය ඉටු කරන ලෙස කරන ඉල්ලීම රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක පටු ඉල්ලීමකට ලඝු කළ නොහැකි බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.