ජනාධිපතිවරයෙක් සිදුකළ විශාලතම පාවාදීම මෛත‍්‍රී ගෙන්-ගාමිණී වියන්ගොඩ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඔහු වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායමට නාමයෝජනා ලබාදීම මගින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේදී ඔහුට ඡන්දය ලබා දුන් හැට දෙලක්ෂයකට අධික ජනතාවගේ ජනවරම පාවාදී ඇතැ’යි එම ජයග‍්‍රහණයට උර දුන් පුරවැසි සංවිධාන හා සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු කලාකරුවෝ චෝදනා කරති.

මේ පිළිබඳව රාවය කළ විමසීමකදී ගාමිණී වියන්ගොඩ මහතා පැවසුවේ පසුගිය ජනවාරි 8 වැනිදායින් පසු ලංකාවේ ජනාධිපතිවරයෙක් සිදුකළ විශාලතම පාවාදීම සිදුකළේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බව ඉතිහාසයේ සනිටුහන් වන බවය.

පසුගිය ආණ්ඩුවේ ජනාධිපතිවරයා සිදුකළ දූෂණ වංචාවලට එරෙහිව මේ රටේ ජනතාව ඒ දූෂිත ජනතා නායකයා පන්නා දැමූ බවත්, ඒ සඳහා සිවිල් සංවිධාන, ආගමික සංවිධාන, වෘත්තීයවේදීන් එක්වූ බවත් පුරවැසියන් පන්නා දැමූ නායකයෙක් සමග වත්මන් ජනාධිපතිවරයා එක්ව කටයුතු කිරීම මහා පාවාදීමක් ලෙසට සලකන බවත් ඒ මහතා පැවසුවේය.

අප කළ විමසීමකදී ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පැවසුවේ මෙතෙක් කල් මහින්ද රාජපක්ෂගේ අගුණ කියමින් ගමන් කළ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැන් මහින්ද රාජපක්ෂ සමග එකතු වී ඔහුට නාමයෝජනා ලබාදී ඇති බවත් මහින්දට එරෙහිව වැඩ කළ මේ රටේ හැට දෙලක්ෂයක් ජනතාව පාවාදී ඇති බවත්ය.

 

 

ජෝශප් ස්ටාලින් මහතා පැවසුවේ, රටේ ජනතාව මෛත‍්‍රීපාල සිරිසේන පිළිගත්තේ ජනතා ක‍්‍රියාකාරීත්වයක ප‍්‍රකාශන යක් වශයෙන් බවත් ජනතාව රටේ නායකත්වය ලබා දුන්නේ මෛත‍්‍රීපාල සිරිසේනට බවත් ඒ ජනතාවට ද්‍රෝහිවීම අමනකමක් බවත්ය. එමෙන්ම එම ජනතාවට නැවත මෛත‍්‍රීපාල සිරිසේන ගෙදර යැවිය හැකි බවද ඔහු පැවසීය.

තමා ජනාධිපතිවරණයෙන් පැරදුණේ නම් තමාගේ ඉරණම වී තිබුණේ පොළොවෙන් අඩි හයක් යටට යෑම බව මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය ජයග‍්‍රහණයෙන් පසු අවස්ථා කිහිපයකදීම ප‍්‍රකාශ කරනු ලැබූ අතර මහ මැතිවරණය ප‍්‍රකාශ කිරීමෙන් පසු පසුගිය දින කිහිපය වනතෙක්ම ඔහු ප‍්‍රකාශ කළේ ජනවාරි අටදා ජනතාව ලබා දුන් ජනවරම තමා පාවා නොදෙන බවයි.

දැනට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා නොලැබෙන බවට ස්ථිර වශයෙන්ම ප‍්‍රකාශයට පත්වී ඇත්තේ දුමින්ද සිල්වා, මර්වින් සිල්වා, සජින් වාස් ගුණවර්ධන හා සරණ ගුණවර්ධනට පමණය. සන්ධානයෙන් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ අන් සියල්ලටමද මහින්ද රාජපක්ෂ සමග කටයුතු කළ ටිරාන් අලස් වැන්නන්ටද මහින්ද රාජපක්ෂ වෙනුවෙන් හඬ නැගූ උදය ගම්මන්පිල, ඞී.වී. උපුල්, ප‍්‍රසන්න රණතුංග වැනි පළාත් සභාවල කටයුතු කළ අයටද මෙවර සන්ධානයෙන් නාමයෝජනා ලැබී තිබේ. එමෙන්ම පුවත්පත මුද්‍රණයට යන අවස්ථාව වනවිට වාර්තා වූයේ සරණ ගුණවර්ධනගේ බිරිඳට නාමයෝජනා ලබාදී ඇති බවයි.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.