ජනාධිපති අගමැතිව බේරයි

199මේ අවස්ථාවේ වෙන කිසිවකට වඩා ප්‍රමුඛතාව දිය යුත්තේ 20වන සංශෝධනයට බැවින්  අග්‍රාමාත්‍යවරයාට  එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ජනාධිපතිවරයාගේ කැමැත්තක්  නොමැති බව වාර්තා වේ. පසුගියදා එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂවල නායකයන් පිරිසක් හමුවේ ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
අගමැතිට එරෙහි  විශ්වාසභංග යෝජනාව පසුගිය සිකුරාදා මන්ත්‍රීවරු 112 ගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තු ලේකම් ධම්මික දසනායක මහතාට බාරදෙන ලදී. එය බහුතර ඡන්දයෙන් අනුමත වුවහොත් කැබිනට් මණ්ඩලය නිතැතින්ම විසුරුවා හැරේ.
එසේ සිදු වුවහොත් පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තකින් යුතු අගමැතිවරයෙක් පත්කරගැනීමට ජනාධිපතිවරයාට සිදු වේ. නමුත් වාර්තා  වෙන පරිදි මෙම විශ්වාසභංගය පාර්ලිමේන්තු කටයුත්තක් ලෙස පිළිගැනීමට ජනාධිපතිවරයාගේ කැමැත්තක් නොමැත.
කෙසේවෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ යෝජිත විසිවැනි සංශෝධනය පිළිබඳ සාකච්ඡා කෙරෙන තීරණාත්මක කැබිනට් රැස්වීමක් අද (08) පස්වරුවේ  කැඳවා තිබේ. දැනට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා අවසන් අනුමැතිය ලබා ගැනීම මෙම විශේෂ කැබිනට් රැස්වීමේදී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භජග යෝජනාව පරාජය කිරීම සඳහා ජනාධිපති  සිරිසේන මහතාගේ සහයෝගය ලැබෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂය  විශ්වාසය පල කරයි.

මෙම විශ්වාසභංග යෝජනාව පදනම් විරහිත එකක් බව එජාප ආණ්ඩුවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පෙන්වා දෙයි.

පසුගිය ජනාධිපතිවරණයේදී මෛතී‍්‍රපාල සිරිසේන මහතා ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට පමණක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කටයුතුල කර ඇතැ බවද ඔහු සඳහන් කරයි.

මෙම විශ්වාසභංග යෝජනාව නිසා විසිවැනි සංශෝධනයට බාධා එල්ල වන බවත් නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.