ජනාධිපති ආරක්ෂකයින් ඔත්තු බලන්නන්ද?-සන්ඩේ ටයිම්ස්

 

maithripala_ap

 

 

 

පසුගිය සතිය පුරාවටම ජනපති මෛතී‍්‍රපාල සිරිසේන කාර්යබහුලව සිටියේ වෙසක් උත්සවය නිමිත්තෙන් සංවිධානය කර තිබුණු විවිධ අවස්ථා වලට සහභාගී වෙමින්ය.

නුගේගොඩ,පැපිලියාන ප‍්‍රදේශයේ ඉදිකර තිබූ තොරණක් විවෘත කිරීම එවන් එක් අවස්ථාවක් විය.වාර්ෂිකව ප‍්‍රදර්ශනය කෙරෙන මේ තොරණේ බරපැන දරා තිබුණේ දයා ගමගේ හිමිකාරීත්වය දරන ඇගලූම් හා ඉදිකිරීම් කර්මාන්තායතනයන්ය. දැනට පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස කටයුතු කරන්නේද ඔහුය.තොරණ විවෘත  කිරීමේ උත්සවයට ජනපතිවරයාට අමතරව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාටද ඔහු ආරාධනා කර තිබිණ.

ජනතාව බලා සිටියදී ජනපතිවරයා තොරණේ විදුලි පහන් දැල්වීය.අනතුරුව පැමිණි සිටි  ආරාධිතයින් කිහිපදෙනෙකු හා සතුටු සාමිච්චියේ යෙදුණු ඔහු අසළ නවතා තිබූ මර්සිඩිස් බෙන්ස් වර්ගයට අයත් මෝටර් රථයකට ගොඩවැදුනේ කොළඹ පිහිටි තම නිල නිවස්නය බලා යන අපේක්ෂාවෙනි.නමුත් කිසිවෙකුත් රියදුරු අසුනට ගොඩවන අයුරක් පෙනෙන්න්ට නොවීය.හදිසියේම මෝටර් රථයේ දොර විවිර කළේ අගමැති වික‍්‍රමසිංහය.’සර් ඔබ මගේ මෝටර් රථයටයි ගොඩවෙලා තියෙන්නේ.ඔබේ රථය තියෙන්නේ ඉස්සරහ’.ඔහු පැවසීය.තමන් සිටින්නේ වැරදි රියේ බව ජනපතිවරයා තේරුම්ගත්තේ එවිටය.

ජනපතිවරයා ඔහුගේ මෝටර් රථය කරා කැටුව යෑමට ජනපති ආරක්ෂක අංශයේ කිසිවෙකුත් නොසිටීම බරපතල ගණයේ ආරක්ෂක බිද වැටීමකි.මෙම අවස්ථාවේදී ජනපතිවරයාගේ ජීවිතයට හානියක් කිරීමට කිසිවෙකුට වුවමනා වුනි නම් එය  කිසිදු බාධාවකින් තොරව සිදුකළ හැකිවීම බාලාංශයේ සිසුවෙකුට පවා තේරුම්යන දෙයකි.මෙම සිදුවීමට දින 8 කට ඉහතදීද මෙවැනිම ආරක්ෂක බිද වැටීමක් පිළිඹද අසන්නට ලැබුණි.

එදින අගුනුකොළපැලැස්ස නගරයට ගොස් සිටි ජනපතිවරයාගේ අරමුණවූයේ එහි කි‍්‍රයාත්මක ශී‍්‍රලංකා නිදහස් පක්ෂ බලමණ්ඩලය සංවිධානය කර තිබූ රැුස්වීමක් ඇමතීමය.රැස්වීම පැවැත්වීමට සූදානම් කර තිබුණේ නගරසභා ශාලාවේදීය.අගුනුකොළපැලැස්ස පිහිටියේ රාජපක්ෂවරුන්ගේ උපන්බිම වන මැදමුලනේ සිට කිලෝමිීටර 22 ක් පමණ දුරිනි.තමන් පරාජය කළ පුද්ගලයා තම නිවස අසලටම පැමිණෙන බව දැනගෙනදෝ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අවමානයෙන්  ගැලවී ගැනීමට මෙන් නුවරඑළිය බලා ගොස් සිටියේ තමන්ට එහි වැඩකටයුතු කිහිපයක් තිබෙන බව පවසමිනි.

නමුත් ඔහුගේ පුත් නාමල් රැුස්වීමට පැමිණ සිටියේය.ඔහු මුලින්ම අති විශේෂ අමුත්තන් සදහා වෙන්කර තිබූ දොරටුවෙන් ශාලාවට ඇතුල්වීමට තැත් කළත් ඊට අවසර නොලැබීම නිසා සාමාන්‍ය ජනතාව වෙනුවෙන් වෙන්කර තිබූ දොරටුව අසළට පැමිණියේය.ඔහුත් සමග තවත් පුද්ගලයෙක් විය.පොලිසියේ කොමාන්ඩෝ ඒකකය වන විශේෂ කාර්ය බලකායේ සෙබලූන්ට මෙම පුද්ගලයාගේ කමිසය ඉදිරිපස හා කලිසමේ පසුපස පිම්බී තිබෙනු දැකගත හැකිවින.කිසිවක් සගවා ගැනීමට ඔහු උත්සාහයක් දරා ඇති  අයුරක් සෙබලූන්ට වැටහුනි.නමුත් ඔවුන් ඉදිරිපත්වීමට ප‍්‍රථමයෙන් එතැන සිටි ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කරන උප පොලිස් පරීක්ෂක මල්වලගේ නාමල් හා ඔහු  සමග පැමිණ සිටි එම පුද්ගලයා පරීක්ෂාකිරීමකින් තොරවම ඇතුළට ගැනීමට ඉගි කළ බවට චෝදනා නැගී තිබේ.

කෝප‍්‍රල් සේනක කුමාර

 

ශාලාවේ පිටත කොටසේ සේවයේ නියුතුව සිටි විශේෂ කාර්යබලකායේ සාර්ජන්ට් රාජපක්ෂට හා කොස්තාපල් සම්පත් හට අනතුරක සේයාවක් දැනීම නිසා ඔවුහු වහාම  ගොඩනැගිල්ලට ඇතුල්වූහ.නාමල් සමග සිටි පුද්ගලයා අසළට ගිය ඔවුහු ඔහුව පරීක්ෂා කළහ.ඔවුන් දෙදෙන පවසන ආකාරයට එම පුද්ගලයාගේ දකුණු පසින් එල්ලෙමින් තිබූ අවි රදවනයක තිබී ඇත්තේ සම්පූර්ණයෙන්ම උණ්ඩ පුරවන ලද මිලිමිීටර 9 වර්ගයට  අයත් පිස්තෝලයකි.ඔහුගේ කලිසම් සාක්කුවේ තිබී ඇත්තේ ජල බෝතලයකි.මේ පුද්ගලයා පසු අවස්ථාවක කොමාන්ඩෝ රෙජිමෙන්තුවේ සිව්වැනි බලකායට අයත් කෝප‍්‍රල් සේනක කුමාර ලෙස හදුනාගැනින.ඔහු සන්තකයේ තිබූ අවියෙන් මිීටර 25 ක දුරක ඇති ඉලක්කයකට වෙඩි තැබීමට හැකි අතර විශේෂ කාර්යබලකායේ  සෙබලූන් දෙදෙන ඔහුව අල්ලා ගත් අවස්ථාවේ ඔහු සිටියේ ජනපති සිරිසේනට වෙන්කර තිබූ ආසනයේ සිට මිීටර 8 ක් පමණ දුරිනි.තුවක්කුකරුවෙකුට එය කදිම ඉලක්කයකි.ජනපති ආරක්ෂක අංශය ලෙස හදුනාගැනෙන හමුදාවේ විශේෂ ආරක්ෂක ඒකකය භාරව සිටින කර්නල් මහේන්ද්‍ර ප‍්‍රනාන්දුගෙන් මේ සම්බන්ධයෙන් විශේෂ ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව කටයුතු කළේය. යුදහමුදාපති ලූතිනන් ජෙනරාල් කි‍්‍රශාන්ත ද සිල්වා වහාම කි‍්‍රයාත්මක වන පරිදි මෙම ඒකකය විසුරුවා හැරීමට කටයුතු කර ඇත.එහි සේවය කළෝ හමුදාවේ වෙනත් අංශ වෙත අනුයුක්ත කර තිබේ.හමුදා පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

මෙතැනින් පසු සිදුවීමට වෙනස්ම අර්ථකථනයක් දීමට ජනාධිපති ආරක්ෂක අංශයේම ඇතැමුන් කටයුතු කරනු දැකගත හැකිවිය.අත්අඩංගුවට ගත් කෝප‍්‍රල් කුමාර පැය කිහිපයක් ගතවීමට මත්තෙන් නිදහස් කෙරුණි.ජනපති ආරක්ෂක අංශයේ සාමාජිකයින්  කිහිපදෙනෙක්ම අදහස් පළකරමින් සදහන් කළේ ඔහු නාමල් බබාගේ එක්කෙනෙක් වීම නිසා එසේ නිදහස් කෙරුණු බවයි.තමන් අතින් වූ වරද වසා ගැනීමට අලූත් න්‍යායක් ඉදිරිපත් කිරීමට ජනාධිපති ආරක්ෂක අංශය කටයුතු කරමින් සිටින බවක් පෙනුනේ එහි ඇතැම් සාමාජිකයින් කුමාර සන්තකයේ තිබී හමුවූයේ ජලබෝතලයක් පමණක් බවට ප‍්‍රචාරයක් ගෙනයෑමට පටන් ගැනීමත් සමගය.මේ සම්බන්ධ පරීක්ෂණ කටයුතු අවසානයක් දැකීමට පෙරම ප‍්‍රකාශයක් නිකුත් කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා  පැවසූයේ තම පුතු හා පැමිණි කොමාන්ඩෝ භටයා ගොඩනැගිල්ලට ඇතුල්වීමට ප‍්‍රථමයෙන් තම රාජකාරි ගිනි අවිය මෝටර් රථයේ තබා ගොස් තිබෙන බවය.

නමුත් පොලිස්පති එන්.කේ ඉලංගකෝන්ගේ අවධානය මේ සිදුවීම කෙරේ යොමුවීම නිසා වැඩිදුර පරීක්ෂණ කටයුතු ඔහුගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට භාර කෙරුණි.නොසැලෙන පුද්ගලයෙකු ලෙස නමක් දිනාගෙන සිටින උප පොලිස් පරීක්ෂක ශානි අබේසේකර මහතාගේ මෙහෙයවීමෙන් සිදුවුනු  පරීක්ෂණ කටයුතු වලදී කොමාන්ඩෝ භටයා අත්අඩංගුවට ගත් විශේෂ කාර්යබලකා සෙබලූන් දෙදෙනාගෙන්ද ප‍්‍රශ්න කිරීම් සිදුකර තිබෙන අතර එම භටයා සතුව උණ්ඩ පුරවා තිබූ ගිනි අවියක් තිබුණු බව ඔවුන් සහතික කර තිබේ.ජල බෝතලය තිබුණේ  කලිසම් සාක්කුවක බවද ඔවුන් පවසා ඇත.දැනට සිදුකෙරුණු පරීක්ෂණ සම්බන්ධ වාර්තාවක් පොලිස්පතිවරයාට භාරදීමට ශානි අබේසේකර මේ වන විට කටයුතු  කර තිබෙන අතර ඔහුගේ අධීක්ෂණය යටතේ වැඩිදුර පරීක්ෂණ කි‍්‍රයාත්මකය.නැවත වරක්  අත්අඩංගුවට ගැනුනු කොමාන්ඩෝ භටයා අගුනුකොළපැලැස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාර ගතකරය.උප පොලිස් පරීක්ෂක මල්වලගේ තාවකාලිකව පොලිස් ක්ෂේත‍්‍ර බලකා මූලස්ථානය වෙත  මාරුකර යවා ඇත.

 

පාර්ලිමෙන්තු මන්තී‍්‍ර මර්වින් සිල්වා

පරිණත දේශපාලඥයෙකු වුවද ආරක්ෂක විධිවිධානයන් සළසා ගැනීම සම්බන්ධයේන ජනපති සිරිසේනගේ වැඩි උනන්දුවක් නොමැති බව පසුගිය සමය පුරාවටම දැකගත හැකිවිය.ජනපති ආරක්ෂක අංශයේ තවමත් සිටින්නේ වසර 9 ක් පුරාවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂට ආරක්ෂාව සැළසූ නිළධාරීන් වන අතර කිසිදු වෙනස් කිරීමක් සිදුනොකර ඔවුන්ගේ සේවය එළෙසම ලබාගැනීමට ජනපතිවරයා කටයුතු කර තිබෙන්නේ එසේ ආරක්ෂක කටයුතු කෙරේ ඔහුගේ වැඩි උනන්දුවක් නොතිබෙන නිසා විය හැකිය.හිටපු ජනපතිවරයාගේ සමයේ ජනාධිපති ආරක්ෂක අංශයට ඔවුන්ගේ රාජකාරි කටයුතු වලට පරිබාහිර,නීතිවිරෝධී කි‍්‍රයා වල යෙදුණු බවට චෝදනා නැගී ඇත්තේ වරක් දෙවරක් නොවේ.පාර්ලිමෙන්තු මන්තී‍්‍ර මර්වින් සිල්වා මහතාද ජනාධිපති  ආරක්ෂක අංශයට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ කොළඹ වොඞ් පෙදෙසෙහි සාප්පු සංකීර්ණයකදී තම පුතු මාලක සිල්වාට පහරදීමේ පසුපස සිටින්නේ් ජනාධිපති ආරක්ෂක අංශයේ නිළධාරීන් බව සදහන් කරමින්ය.

වසර 9 ක දිගු කාලයක් පුරාවට හිටපු ජනපතිවරයාට ආරක්ෂාව සළසමින් ජනාධිපති ආරක්ෂක අංශයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළේ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  එස්.එම් වික‍්‍රමසිංහය.ඔහුද ජනපති සිරිසේන සේම පොළොන්නරුවේ උපන්නෙකි.ඔහු හා රාජපක්ෂ අතර තිබුණු සබදතාවය රහසක් නොවූ නිසා ජනපති ආරක්ෂක අංශයේ ප‍්‍රධානියා ලෙස සේවා දිගුවකට ජනපති සිරිසේන අනුමැතිය ලබාදීම බොහෝ දෙනෙක් විමතියට පත්කරවීමට සමත්වූවක් විය.මේ පිළිඹදව විමසූ විට ජනපතිවරයා පැවසූයේ කියන තරම් සැළකිල්ලක් වික‍්‍රමසිංහට ලැබී නොමැති බවය.ඒඑෆ්පී පුවත් සේවයේ කොළඹ නියෝජිත අමල් ජයසිංහ හා අදහස් දක්වමින් හිටපු  ජනපතිවරයා පැවසුවේ වික‍්‍රමසිංහ සිරිසේනට ඔත්තු සපයන්නෙකු බවට තමන් හදුනාගෙන සිටි බවය.ඔහු සේම ආරක්ෂක අංශයේ සිටි ආහාර පාන පරීක්ෂකයින්ද ඔත්තු සැපයීමේ නිතරව සිටි බවටද ඔහු චෝදනා කළේය.මෙම ආහාර පරීක්ෂකයින් ගේ සේවය ලබාගෙන තිබෙන්නේ රාජපක්ෂ මහතා තම නිවසින් නොව වෙනත් ස්ථානයන්ගෙන් ආහාරපාන ලබාගන්නා අවස්ථාවලදීය.’ඇතුලේ ඉදගෙනම අපේ බෙලි  කැපුවා’.රාජපක්ෂ චෝදනා කළේ එසේය.

 

 

 

පොලිස් අධිකාරී වික‍්‍රමසිංහ

පොලිස් අධිකාරී වික‍්‍රමසිංහ යටතට තමන්ගේ හා තම පවුලේ ආරක්ෂාව පැවරීමට ජනපති සිරිසේනට වික‍්‍රමසිංහ කළ ප‍්‍රකාශයක් පමණක් ප‍්‍රමාණවත්ව තිබේ.ඔහු ඊලග පොලිස්පති ලෙස නම්කෙරෙනු ඇතැයි බොහෝ දෙනා සිතා සිටි බව රහසක් නොවේ.නමුත් ගැටලූවක් ඇත.තමන් යටතේ රටේ සමස්ථ ආරක්ෂක පද්දතියම,බුද්ධි  අංශයද ඇතුලූව තබාගෙන සිටි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ වික‍්‍රමසිංහ තමන්ට එරෙහිව ඔත්තු සැපයීමේ නිතරව සිටි බවයි.ඔහු අත එතරම් බලයක් තිබුණද ඔහුගේ  ආරක්ෂාව භාරව සිටි පොලිස් නිළධාරියා ඔත්තු සැපයීමේ නිතරව සිටි බව ඔහුට හදුනාගැනීමට නොහැකිව තිබේ.රාජපක්ෂ නිවැරදි නම් ඔහුට එරෙහිව තිබී ඇති ප‍්‍රධාන බාධකය වන්නේ පොලිස් අධිකාරී වික‍්‍රමසිංහය.තමන්ට හිටපු ජනපතිවරයාගෙන් අසාධාරණකම් සිදුවූ බව පවසන,එම හිටපු ජනපතිවරයාම ඔහුට එරෙහිව කුමන්ත‍්‍රණ යෙදුනු බව කියන වික‍්‍රමසිංහ වැන්නෙකුට තමන්ගේ ආරක්ෂාව භාරදීමට ජනපති  සිරිසේන කටයුතු කර තිබීම සුලූවෙන් තැකිය හැක්කක් නොවේ.දේශපාලඥයින් තමන්ගේ  මතිමතාන්තර ගැන විනා ආරක්ෂාව ගැන ප‍්‍රමාණවත් තරම් විමසිලිමත් නොවන බව පෙන්වා දෙන අවස්ථාවක් ලෙස මෙය දැක්විය හැකිය.මෙය පොලිස්පතිවරයාට අයත් රාජකාරියකැයි කෙනෙකුට කිවහැකිවුවත් පොලිස්පති එන්.කේ ඉලංගකෝන් හා පොලිස් අධිකාරී වික‍්‍රමසිංහ අතර තිබෙන සබදතාවට කිසිවෙකුටත් රහසක් නොවේ.මේ සබදතාවය නිසාම ඇතැම් අවස්ථාවලදී අපක්ෂපාතී නිළධාරියෙකු ලෙස නමක් දිනාගෙන සිටින ඉලංගකෝන්ටද පක්ෂපාතීව කටයුතු කිරීමට සිදුවිය.හිටපු ජනපති සමයේ ඔහු  උපායශීලීව පොලිස් දෙපාර්තමෙන්තුවේ නිළධාරීන්ට ජනාධිපති රාජපක්ෂට සහය  දක්වන්නැයි ඒත්තු ගැන්වීමට උත්සාහ කිරීම එවන් එක් අවස්ථාවකි.ඒ සදහා ඔහු භාවිතා  කළේ පොලිස් දෙපාර්තමෙන්තුවේම සම්පත් යොදාගෙන මුද්‍රණය කළ අලංකාර පොත් පිංචකි.එහි සදහන්ව තිබුණේ මහින්ද රාජපක්ෂ පොලිස් දෙපාර්තමෙන්තුව වෙනුවෙන්  සිදුකර ඇති මෙහෙයයි.

වික‍්‍රමසිංහ – ඉලංගකෝන් සබදතාවය නිසා ඇතැම් වැදගත් ධූරයන් වලට පොලිස් නිළධාරීන් පත්කිරීමේ කටයුතු සිදුවූයේ වික‍්‍රමසිංහයේ වුවමනාව පරිදිය.එසේ  පත්කිරීම් සිදුකෙරුණේ හිටපු ජනපතිවරයාගේ යහපත සළකාය.පොලිස් දෙපාර්තමෙන්තුව හා සම්බන්ධ අනෙක් ආයතනයන් වල වැදගත් පත්වීම් සිදුවූයේද මේ  අයුරින්ය.

යහපාලනය ගැන උදම් අනන දේශපාලඥයින්ට මෙවන් කරුණු නොපෙනීම පුදුමයකි.යහපාලන න්‍යායන්ට අනුව පොලිස් දෙපාර්තමෙන්තුව තවමත් වෙනස්වී  නොමැති අතර එහි තවමත් රජකරන්නේ රාජපක්ෂ අනුහසින් පත්වූ නිළධරයින්ය.මෙනිසා දැන් වත්මන් ජනපතිවරයාගේ ජීවිතයත් ඇත්තේ අන්තරාය අඩවියකය.එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ රජය පොලිස් දෙපාර්තමෙන්තුව පත්කර  තිබෙන්නේ මහජන ආරක්ෂාව හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු පිළිඹද අමාත්‍ය ජොන් අමරතුංග යටතටය.ඔහු මහින්ද රාජපක්ෂ හිතවාදියෙක් ලෙස ඇතැමුන් හදුන්වාදුන්නද,ඔහු පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයෙකුවීමත්,අගමැතිවරයා ඔහුව පත්කර තිබීමත් නිසා අමරතුංගගේ බලතල කිසිවෙකුටත් ප‍්‍රශ්න කිරීමට ලක්කළ නොහැකිය.වරක් ඔහු සකස් කළ පොලිස් සේවයේ ස්ථාන මාරු කිරීමේ ලේඛණයකට විරෝධය පළ කළ පොලිස්පති එන්.කේ ඉලංගකෝන්ට ජනපතිවරයා උපදෙස් දී තිබුණේ නිවැරදි දෙය ඉටුකරන ලෙසය.මුලදී ඉලංගකෝන් සතුව තිබූ (නිවැරදිව කියතොත් පොලිස් අධිකාරිී වික‍්‍රමසිංහ අත තිබූ* බලතල දැන් ඇත්තේ ජෝන් අමරතුංග අතය.එය යහපත් දෙයක් වුවත් තවමත් ගන්නා තීරණ කි‍්‍රයාත්මක වන්නේ හිටපු රජයේ ආනුභාවයෙන් පත්වූවන් හරහා වීම ගැටලූවකි.

පොලිසියේ ඇතැම් කණ්ඩායම් වලට පොලිස්පතිවරයා වැඩි සැළකිල්ලක් දක්වන බවට චෝදනා මහජන කටයුතු පිළිඹද අමාත්‍යංශයට ලැබී තිබෙන අතර ඒ පිළිඹද විමසීමට පොලිස්පතිවරයා හා සම්බන්ධවීමට ගත් උත්සාහය අසාර්ථක විය.ඔහුගේ නිළධාරීන් එම චෝදනා බැහැර කළේය.තම අවසරයකින් තොරව මහජන කටයුතු පිළිඹද අමාත්‍යංශයට යෑම තහනම් කරමින් විශේෂ චක‍්‍රලේඛයක් නිකුත් කිරීමටත් පොලිස්පතිවරයා කටයුතු කර තිබේ.අවසර ලබාගන්නා නිළධාරියෙකු අමාත්‍යංශය වෙත ගොස් සාකච්ඡුා කරන කවර හෝ කරුණු වේවා ඒ පිළිඹද සවිස්තර වාර්තාවත් පොලිස්පතිවරයා වෙත ලබාදිය යුතුබවද එම චක‍්‍රලේඛයේ සදහන්ව ඇත.මේ හමුවේ අමාත්‍ය අමරතුංගෙ පොලිස් නිළධාරිීන්ට ඔවුන්ට ඇති දුක්ගැනවිලි තමන් හමුවේ තැබීමට ඉඩ සළසා දෙමින්  ඔවුන් වෙනුවෙන් සතියකට එක් දිනක් වෙන්කිරීමට පියවර ගෙන ඇත.අමාත්‍යවරයා මෙම පියවර ගෙන තිබෙන්නේ පොලිස් නිළධාරීන්ට තම ගැටලූ ඉදිිපත්  කිරීමට පොලිස්පතිවරයා හමුවට යෑමට කාලවේලාවක් වෙන්කර ගැනීම අපහසු වීමත්,පොලිස් නිළධාරීන්ගේ පැමිණිලි භාරගැනීමට ඔම්බුඞ්ස්මන්වරයෙකු පත්කර නොසිටීමත් යන කරුණු සැළකිල්ලට ගෙනය.නමුත් මෙසේ අමාත්‍යවරයා හමුවට පැමිණෙන නිළධාරියෙකුට සිදුවන්නේ පොලිස්පති වරයා නිකුත් කර ඇති චක‍්‍රලේඛයට අනුව වරදකරුවෙකු වීමටය.මෙනිසා දෙපාර්ශවය අතර එකගතාවක් ඇතිකරගැනීම  සුදුසුය.නමුත් කිසිවෙකුත් මෙම තත්ත්වයට විසදුමක් ලබාදීමට කටයුතු කරන අයුරක් පෙනෙන්නට නැත.

රට පාලනය කරන ති‍්‍රත්වය වන සිරිසේන,වික‍්‍රමසිංහ හා බණ්ඩාරනායක තිදෙනගේ  අවධානය පොලිස් දෙපාර්තමෙන්තුවේ කටයුතු සම්බන්ධයෙන් මිීට වඩා යොමුවිය  යුතුය.විශේෂයෙන් ජනාධිපති ඇතුලූ ප‍්‍රභූන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැළකිලිමත්වීම වැදගත් අතර එම කටයුතු භාරව කිරීමට නොසැලෙන,අපක්ෂපාතී,විශ්වාසවන්ත පුද්ගලයින් තෝරාගැනීම සිදුකළ යුතුව ඇත.විශේෂ හා අතිවිශේෂ පුද්ගලයින් හට ආරක්ෂාව සපයන ආරක්ෂක භට කණ්ඩායම් වලද වත්මන් තත්ත්වය විමර්ෂණය කිරීම සුදුසුය.ජනපතිවරයාගේ ආරක්ෂක කටයුතු භාරව කටයුතු කරන හමුදා හා නාවික හමුදා භටකණ්ඩායම් වල පාලනය හමුදාපතිවරයාට හා නාවික හමුදාපතිවරයාට නොව  වෙනත් තනි පුද්ගලයෙකු අතට ලබාදීම මනාය.සැළකිල්ලට ගතයුතු අනෙක් කරුණ වන්නේ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයෙකුට කොමාන්ඩෝ භටයින්ගේ ආරක්ෂාව අවශ්‍ය වන්නේද යන්නය.

පොලිස් මූලස්ථානයේ රෙගුලාසි වලට අනුව එක් පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයෙකු සදහා ඇමති ආරක්ෂක අංශයෙන් සාමාජිකයින් දෙදෙනෙකු වෙන්කෙරේ.එම පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයා නිවසේ සිටින අවස්ථාවක ඔහුගේ ආරක්ෂාව පිළිඹද වගකිවයුතු  වන්නේ අදාළ ප‍්‍රදේශයේ පොලිස් ස්ථානයයි.හිටපු ජනාධිපතිවරයාට කොමාන්ඩෝ ආරක්ෂාවද සපයා තිබුණු අතර පසුගිය සෙනසුරාදා දිනයේ සිට එම කටයුතු භාර කර  ඇත්තේ විශේෂ කාර්යබලකායටය.වංචා හා දුූෂණ ක‍්‍රමයෙන් හෙළි වෙමින් පවතින  සමයක ඒවාට හවුල්වී ඇතැයි චෝදනා ලබාසිටින පුද්ගලයින්ගේ වෛරයට පාත‍්‍රවිය හැකි නිසා ජනපති සිරිසේන මෙන්ම අගමැති වික‍්‍රමසිංහත් තම තමන්ගේ ආරක්ෂක කටයුතු ගැන මිීට වඩා සැළකිලිමත්විය යුතුව ඇත.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.