ජනාධිපති ඕනෑ එපා හැම වැඩක්ම කරන්න යනවා – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

mahinda-rajapaksa-a” අද අගමැති ජනපති වැඩ පටලවගෙන ඉන්නේ. එයා කියන එක මෙයා දන්නේ නෑ. මෙයා කියන එක එයා දන්නේ නැහැ. ජනාධිපති ඕනෑ එපා හැම වැඩක්ම කරන්න යනවා. ඒනිසා එයා අනාගෙන ඉන්නේ. අපේක්ෂකයා සුදුද කළුද කියලා බලන්න එපා. ලස්සනද කැතද කියල බලන්නත් එපා. ඔබ ඔබේ ඡන්දය දෙන්න. ආණ්ඩුව පෙරලන වැඩේ අපි බලාගන්නම්. ඡන්ද ලංවෙනකොට ආණ්ඩුව තාජුදීන්ගේ මිනීවල ගොඩදානවා. ඒ මනුස්සයාට මැරිලා වල ඇතුලෙවත් නිදහසේ ඉන්න මේගොල්ලො ඉඩ දෙන්නේ නැහැ. මගේ ඩොලර් මිලියන 18ක විදේශ තැන්පතුවක් තියනවලූ. දෙයියනේ එහෙම තියනවානම් ගනිල්ලකෝ. මම ලියුමකුත් දෙන්නම් බැංකුවට ගිහිල්ලා ඩොලර් බිලියන 18 ගන්න කියලා මම රනිල්ට කියනවා. ” පසුගියදා කඩවතදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැලියට සහභාගී වෙමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.