ජනාධිපති බෑනා ආරක්ෂක අමාත්‍යංශයට

02-1140x691 (2)bbb

ජනපති මෛති‍්‍රීපාල සිරිසේන මහතා තම බෑණනුවන් වන තිලිණ සුරන්ජිත්ව ආරක්ෂක අමාත්‍යංශයේ පොදු කටයුතු සම්බන්ධ නිළධාරී ධූරයට පත්කරගෙන සිටී.තිලිණ සුරන්ජිත් විවාහ වී සිටින්නේ ජනපතිවරයාගේ දියණියන් දෙදෙනාගෙන් වැඩිමලා වන  චතුරිකා සමගය.ඔහු පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිරිසේන මහතා හා ඉතා සමිීපව කටයුතු කළ අයෙකි.ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් ලෙස ඔහු පත්කර සිටින්නේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රකිත රාජපක්ෂය.තම පියාගේ  උපදේශක මණ්ඩලයේ කනිෂ්ඨ උපදේශකයෙකු වන හෙතෙම ජනාධිපතිවරණ සමයේ සිරිකොත සිට කි‍්‍රයාත්මක වූ මෛතිී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රචාරණ කණ්ඩායමේ සාමාජිකයෙක්ද ලෙස කටයුතු කළ අයෙකි.

ජනාධිපතිවරයා වෙනුවෙන් වෙනම කාමරයක් ආරක්ෂක අමාත්‍යංශයේ ලහිලහියේ පිළියෙල කෙරෙමින් පවතී

 

ආරක්ෂක කටයුතු භාර රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මිීට සතියකට ඉහතදී උතුරු – නැගෙනහිර සංචාරයක යෙදුණේය.එම සංචාරයේදී ඔහු එම ප‍්‍රදේශයන්හි සේවය කරන ආරක්ෂක අංශ සාමාජිකයින් හමුවිය.නව රජයේ ආරම්භයේ සිට මේ දක්වා ගතව තිබෙන කාලයේ විෂය කටයුතු භාර ප‍්‍රධාන අමාත්‍යවරයා නොවන අමාත්‍යවරයෙකු එම විෂයේ කටයුතු සොයාබැලූ ප‍්‍රථම අවස්ථාව එය විය.ඉන අනතුරුව රුවන් විජේවර්ධන ගේ විෂය සීමාව ගැසට් කරන ලදි.මෙය තටු කැපිල්ලක්ද නැද්ද යන්න කීමට තාමත් ඉක්මන් වැඩිය.මන්දයත් ජනධිපතිවරයා කොහමටත් ආරක්ෂක ඇමතිවරයා වන අතර ප්‍රධාන ආයතන වලබ්ල්ය ඔහුට හිමිය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයින් හවුල්ව ඇතැයි චෝදනා නැගෙන අකටයුතුකම් සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ කටයුතු ඉබි ගමනින් සිදුවන්නට ඉඩ හැර ඇතැයිද,පෙර තිබූ උනන්දුව දැන් නැතැයිද ආදී ලෙස නැගෙන චෝදනා වලට මුහුණදීමට එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ට මේ  දිනවල සිදුව තිබේ.තත්ත්වය වඩාත් බරපතලව ඇත්තේ නව රජයේ ඇතැම් පාර්ශවකරුවන් මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින් ආරක්ෂා කරනවායැයි  එක්සත් ජාතික පක්ෂය වෙත සෘජුවම ඇගිල්ල දිගුකරන නිසාය.නමුත් මේ චෝදනා  සියල්ලක්ම එක්සත් ජාතික පක්ෂය ප‍්‍රතික්ෂේප කර සිටී.මේ අතර එක්සත් ජාතික පක්ෂයට අයත් කැබිනට් අමාත්‍යවරයෙකු දුමින්ද සිල්වා සම්බන්ධයෙන්  සිදුවන පොලිස් පරීක්ෂණයකට අනවශ්‍ය ලෙස මැදිහත්වෙමින් සිටින බව  චෝදනා නැගී  ඇත.

 

president takes hold of defence ministry

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.