ජනාධිපති සිරිසේන මෙහෙයුමට සුදානම්

 

8cxnerzji

 

වංචා දුෂණ සම්බන්ධයෙන් පසුගිය කාලයේ සිදුකල විමර්ශනවලදී වරදකරුවන් බවට තහවුරු වී ඈති සියලු දෙනාට එරෙහිම අධි චෝදනා ගොනු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නීතිපති දෙපාර්තමේන්තුවට අද නියෝගකර ඇතැයි වාර්තාවේ.

මේ පරීක්ෂණවල මූලික විමර්ශන කටයුතු දැනටමත් අවසන් කොට ඇත.සොයාගත් තොරතුරු අනුව බලපෑම් වලින් තොරව ස්වාධීනව කටයුතු කිරීමේ අවස්ථාව තමන්ට ලැබී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.

මේ අනුව මහා පරිමාණ දූෂණ වංචා චෝදනා 5 ක් සම්බන්ධයෙන් රාජපක්ෂ රජයේ ඉහළම තනතුරු දැරූ දේශපාලනඥයන් තිදෙනකු සහ රාජ්‍ය නිලධාරීන් කිරීමේ

තිදෙනකු  ඉදිරිදින කිහිපය තුලදී අත්අඩංගුවට ගැනීමට නියමිතය.

නීතිපති උපදෙස් අනුව අදාළ අත්අඩංගුවට ගැනීම් සිදු වනු ඇති බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු  වෙත පැවසිය. මේ අතරවාරේ ලෝක බැංකුවේ මහා පරිමාණ මුල්‍ය වංචා විමර්ශන ඒකකයත් තොරතුරු ලබා ගනිමින් පවතී.

 

 

 පක්ෂය සමගි කරවීම

මේ අතරවාරේ මෛත්‍රීපාල සිරිසේන ජනපති  හා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අතර සාකච්ඡාවක් සුදුසු ස්ථානයක සංවිධානය කිරීමට පියවර ගෙන ඇති බවත් , දෙදෙනාම ඊට එකඟත්වය පළ කර ඇතැයි ද හිටපු ඇමැති ටී බී ඒකනායක මහතා අද (21) පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.

පක්ෂයේ ගැටළු නිරාකරණය කරගෙන පක්ෂය සමගි කරවීම එම සාකච්ඡාවේ අරමුණ බවත් ඔහු පැවසීය.මහින්ද රාජපක්ෂ මහතා  සමග කවරාකාර සාකච්ඡා පැවතියත් දුෂණ චෝදනා සම්බන්ධයෙන් ඉදිරි පියවර නතර නොකෙරෙන බවයි ජනාධිපති කර්යාල ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අවස්ථාවේදී පියවර ගත්තේ නැතිනම් ඉක්මනින් හෝ ප්‍රමාද වී ජනාධිපතිවරයා දෝෂාභියෝගයට ලක් විය හැකි බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙති.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.