ජනාධිපති සිල්වාට නව අවුරුද්දක් මහ උළු ගෙදරින් බත්

lula da silvaබ්‍රසීලයත් යහමින් බත් කන රටකි. ඒ රටේ සමහරුන් අතට බලය ලැබුණු විට එයින් පදමට මත් වෙති. දූෂණ චෝදනා ලැබ සිටි බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වා අවුරුදු නවය හමාරක සිර දඬුවමකට යටත් කරනු ලැබ ඇත.

හිටපු ජනාධිපතිවරයා වරදකරු කරනු ලැබ සිටින්නේ ඩොලර් දශ ලක්ෂයකට අධික අල්ලස් ලබා ගැනීමක් සම්බන්ධයෙනි. වෙරළාසන්න නිවාඩු නිකේතනයක තට්ටු නිවාසයක් නවීකරණය කිරීමක් සම්බන්ධයෙන් එම අල්ලස ලබාගෙන ඇති බව ලූලා ද සිල්වාට එරෙහි චෝදනා මගින් කියැවෙයි.
එහෙත් එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපතිවරයාගේ නීතිවේදීහු පවසති.

එම නෛතික අරගලය නිමවෙන තෙක් ඔහු බන්ධනාගාර නොකරන බව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. ඒ අනුව ලූලා ද සිල්වාට ඔහු සැලසුම් කරමින් සිටි ආකාරයට මී ළඟ බ්‍රසීල ජනාධිපතිවරණය සඳහා තරඟ වැදීමට අවස්ථාව ලැබෙනු ඇත.

හොරකමට ලයිසන්
ලුලා ගේ ජනප්‍රියත්වය පිළිබඳව ප්‍රශ්නයක් නැත.එහෙත් ජනප්‍රිය කම සහ හොරකම යනු දෙකකි. ජනප්‍රිය වූපමනින් හොරකමට ලයිසන් ලැබෙන්නේ නැත. එහෙත් මේ කියමන හැම රටකටම ගැලපෙන්නේ නැත. විශේෂයෙන්ම දුෂණ විමර්ශන කාර්යාල මහා දවල් වසා දමන රටවල් වලට මේ කියමන ගැලපෙන්නේ නැත. එහෙයින් ලෝකයේ වාසනාවන්තතම දුෂිතයින් සිටින රටවල් අතර ශ්‍රී ලංකාව ඉහළින්මා සිටී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.