ජම්බෝල කේන්දර බලන්නේ නැත-සුමනදාස අබේවික්‍රම

ශ්‍රී ලංකාවේ රාජකීය ජ්‍යෝතිර්වේදියා වශයෙන් තමාව හඳුන්වා ගන්නා සුමනදාස අබේගුණවර්ධන මහතා  උපුල් ශාන්ත සන්නන්ගල මහතාට ඉතා වැදගත් පාඩමක් කියා දුන්නේය.

ඒ ජම්බෝල කේන්දර බල ගන්නේ නැති බවයි.කඩුගන්නාව පහලට වීසිවෙන දරුවෙක් ජීවිතය ජන්ම වාසනාව නිසා බේරා ගන්නේ නම් ලොරියකින් පෙරලෙන ජම්බෝල ගෙඩියක් නොතැළුනහොත් ඒ කවර වාසනාවක් නිසාදැයි  උපුල් ශාන්ත සන්නන්ගල මහතා ප්‍රශ්න කළ විටයි ජම්බෝල කේන්දර බල ගන්නේ නැති හෙයින්  තමන්ට ඒ ගැන යමක් කිව නොහැකි බව රාජකීය ජ්‍යෝතිර්වේදියා කියා සිටියේය.

එහෙත් ජම්බෝල කේන්දර අරන්  නාවත් පෝලිමේ එන තව බොහෝ අය සිටිති.

” ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් විතර පනතක් සම්මත කරගන්න ඕනි ..ඇත්තටම මම කියන්න සන්තෝසයි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් විතරම මගේ නිවසට ඇවිල්ලා කෑම කාලා ගිහින් තියෙන කට්ටිය තමයි ඉන්නේ ”

මේ තුනෙන් දෙක අතරේ මහින්ද රාජපක්ෂ මෙන්ම මෛත්‍රීපාල සිරිසේනත් සිටිති.

 

sumanadasa (1)

කව්රු කේන්දර බලා ගත්තත් අපට කම් නැත.ප්‍රශ්නය වන්නේ මේ කෙන්දරකරුවන් රට මෙහයවන අන්දමයි.හෙළිදරව් වූ කරුණු අනුව මේ රටේ ප්‍රධාන තීරණ රැසකම  පිටුපසින් තිබෙන්නේ මේ කෙන්දරක්රුවන් ගේ බලපෑමයි.ඔහු කියන පරිදි වරක් මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති කමට යෝජනා කිරීමට ඔහු බලවත් විය.උපුල් කියා සිටි ආකාරයට බැසිල්  රාජපක්ෂ ඊට බාධා කල් හෙයින් එය වැලකී ගියේය. බැරි වෙලාවත්  ඒ යෝජනාව හරි ගියා නම් මෛත්‍රීපාල සිරිසේන මහතාත් දුෂණයෙන් පිරුණු පාලන ක්‍රමයක් සාධාරණීකරණය කරමින් අදත් කල් ගත කරනවා විය හැකිය.මේ අනුව බලන  විට  ජම්බෝල බවට පත් වී ඇත්තේ අපයි.

ශ්‍රී ලංකාවේ දේශපාලඥයන් ඈත තිබෙන  ග්‍රහ තරු දෙස බලමින් සිටින අතර අපව ජම්බෝල ගානට ගනන් ගෙන නොතකා හරිති.

අපව ජම්බෝල බවට පත් කරන ජ්‍යෝතිර්වේදියා විවිධ වරදාන ලබා ගනිති.බැංකුකරණය පිළිබඳව මෙලෝ හසරක් දන්නේ නැති අබේවික්‍රම ශුරීන්ට ජාතික ඉතිරි කිරීමේ බැංකුව

සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු ආයතන ගණනාවක අධ්‍යක්ෂ තනතුරු ලබාගත හැකි විය.එහෙත් ඔහු කියා සිටින්නේ තමන් ශත පහක් වත් ලබා ගත්තේ නැති බවයි.

මේ ජ්‍යෝතිර්වේදින් පසුගිය කාලය තුල දී විවිධ වරදාන තොග පිටින් ලබා ගෙන ඇත.

ඔවුන් ගේ වත්කම් ගැන මුළින්ම හොයා බැලිය  යුතුය.දෙවනුව ඔවුන් රජ්‍යයට කළ අවනීතික බලපෑම විමසිය  යුතුය ඒ යටතේ රාජ්‍ය හොර කට්ට්ඩියයන් ගේ අත්අඩංගුවට පත් වීම වැලැක්විය යුතුය.තුන්වනුව අපට අවශ්‍ය නම් මේ සමුහය කියා සිටින කරුණු කරනා වල ඇත්ත නැත්ත විමසිය හැකිය.

සම්පුර්ණ වැඩසටහන මෙතැනින්

 

Web-Editing_46-e1426221988567

 

ශ්‍රී ලංකාවේ රාජකීය ජ්‍යෝතිර්වේදියා ගේ රුවන් වැකි

” ඒගොල්ලෝ එක්කෙනෙක් දෙන්නෙක්ගෙන් නෙමෙයි රටේම ඉන්න ජ්‍යෝතිර්වේදීන් අල්ලගෙන කොහොමහරි රජවෙච්ච කෙනා හැමදාම රජකමේ ඉන්න තමයි හදන්නේ ”

” මම දේශීය විදේශීය ලක්ෂ ගානකගේ කේන්දර බලලා තියෙනවා .ඒ වගේම මාධ්‍යයෙන් තමයි අපිට ලොකුම ප්‍රචාරයක් ලැබුණේ .මාධ්‍ය නිසා තමයි රාජකීය දෛවඥයා කියන පදවියත් මට ලැබුණේ .නිකන් ලැබෙන පදවියක් බාර නොගෙන ඉන්නේ කවුද ,ඉතින් මමත් ඒක මගේ visiting card එකට දැම්මා ”

” මම මහින්ද මහත්තයව අඳුරන්නේ 1982 ඉඳන් ඒ කියන්නේ අවුරුදු 32ක් .එතුමා තමයි රුහුණෙන් බිහිවෙන දියසෙන් කුමාරයා ඒ නිසා එතුමා කවදාහරි රජ වෙනවා කියලා මම දැනගෙන හිටියා . ඒ වුනාට මෛත්‍රීපාල මහත්තයාගේ කේන්දරේ මහින්ද මහත්තයාගේ කෙන්දරේට වඩා බලවත් ”

” මම මෛත්‍රිපාල මහත්තයාගේ කෙන්දරේත් බලලා තියෙනවා .2006 දී තමයි මම එතුමාගේ කේන්දරේ බැලුවේ …එතුමා නිතරම කේන්දර බලන්න එන්නේ නැති නිසා මම එතුමාගේ කේන්දරේ වැඩිය ගැඹුරින් බැලුවේ නැහැ ..උඩින් පල්ලෙන් තමයි බැලුවේ ..මම එතුමටත් කිව්වා ඔබතුමාත් කවදාහරි රාජ්‍ය නායකයෙක් වෙනවා කියලා .නොවැම්බර් 21 වෙනිදා එතුමා පොදු අපේක්ෂකයා වශයෙන් ඉරිදිපත් වෙනවා කියලා දැනගත්තම මට පොඩි තිගැස්මක් ආවා ..මට හිතුණා එතුමා දිනයි කියලා ”

 

 

” මම 2010 ජනාධිපතිවරණයට පෙර 2009-12-17න් පස්සේ අරලියගහ මන්දිරයට ගියේ 2014-12-08 වෙනිදා ..2010 පස්සේ මහින්ද මහත්තයා සම්බන්ද කටයුතු වලින් මම ටිකෙන් ටික ඈත් වුණා.එතුමා වටා ඒ කාලේ ගොඩක් ජ්‍යෝතිෂ්‍යවේදියෝ එකතුවෙලා හිටියා .මට පොඩි කළකිරීමක් ආවා ඒ ගැන ”

” මස හතරක් ඇතුලත කාටූන් 400කට වඩා මගේ රූපේ ඇඳලා තියෙනවා ..ඒක ලෝක වාර්තාවක්…ජනතාව “වශී බෝලේ ” කියන උපකරණය මහින්ද මහත්තයා නිතරම අතේ තියන් ඉන්නේ ව්‍යයාමෙට..ඒවා 10ක් විතර එතුමාට තියෙනවා ..නාමල් මහත්තයා තියන් ඉන්නේ ලස්සනට ..රාජපක්ෂවරු දෙවිවරු වගේ මනුස්සයෝ ”

” ජනවාරි 08 පස්සේ මගේ සෙනසුරු උච්ච වෙලා මට පොඩි අපල කාලයක් තිබුනා …මම ජනාධිපතිවරනෙට කලින් මට ලැබුණු ගොඩක් රූපවාහිනී වැටසටහන් අවලංගු කළා ..මට ඒවායේ මෛත්‍රී මහත්තයාට විරුද්ධව කතා කරන්න කැමැත්තක් තිබුණේ නැහැ එතුමා මගේ හොඳ මිත්‍රයෙක් නිසා …මිට පස්සේ මම දේශපාලනික අනාවැකි කියන්නේ නෑ ..මම විමල් විරවංශ මහත්තයාගේ කේන්දරේ බලලා තියෙනවා …වාසු .ගම්මන්පිල මහත්තයාගේ බලලා නෑ ..වාමාංශික පක්ෂවල අය මං ලඟට කේන්දර බලන්න කවදාවත් ඇවිත් නැහැ

 

astrology governs the country

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.