ජවිපෙ අනුරගෙන් ව්‍යාපාරිකයින්ට ටෝක්

jvp07.27_2 භීෂණ සමයේදී ගමේ සිල්ලර කඩ මුදලාලිට ගල්කටස් පාර එල්ල වුනේ මේකා සුළු ධනේෂ්වරයෙක් යැයි කියමිනි. නිර්ධන පාන්තික සමාජවාදය උත්තරීතර සිහිනය විය. එහෙව් එකේ පක්ෂ නායකයා ව්‍යාපාරික ප්‍රජාව සමඟ ටෝක් එක දාගෙන සිටීම සැබෑ වෙනසකි.මේ වෙනස හොඳද නැද්ද  යන්න වෙනමම ප්‍රශ්නයකි. මේ වෙනසේ පදනම කුමක්ද යන්න තම පාක්ෂිකයින්ට පැහැදිලි කරදීමේ වගකීම ඇත්තේ අනුර කුමාර  දිසානායකටය.ප්‍රශ්නය ඇසීමේ  ඇත්තේ පාක්ෂිකයින්ටය. මේ සංවාදය ඇතිවීමට අවශ්‍ය පරිසරය ඇතිවීමට තරම් අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පක්ෂය තුල ඇතිවේවායි පතමු.
ජනතා විමුක්ති පෙරමුණේ ට ජාතික වැඩපිළිවෙළ ‘හෘදසාක්ෂියේ සම්මුතිය’ ව්‍යාපාරිකයින්ට පිළිගැන්වීම සහ ඒ පිළිබඳ සංවාදයක් කොළඹ ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් හෝටලයේදී  පවත්වමින් අනුර අනුර දිසානායක සහෝදරයා දැක්වූ අදහස් වලට සවන් දෙමු.
අපේ රටේ ජනතාවට සතුටින් සිටිය හැකි ස්ථාවර රටක් දැන් අවශ්‍යයි. සතුටින් ඉන්න නම් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් සෑම පවුලකටම හොඳ ආදායම් මාර්ගයක්, ඔවුන්ට ජීවත් වෙන්න නිවසක්, නිරෝගී සෞඛ්‍යසම්පන්න ජීවිතයක් වගේම කාර්යක්‍ෂම රාජ්‍ය පාලනයක් අවශ්‍යයි. ඒ සඳහා තමයි අපි අපේ හෘදසාක්‍ෂියේ සම්මුතිය නම් වැඩපිළිවෙළ යෝජනා කොට තිබෙන්නේ.
ඒ වගේම අපේ රට ස්ථාවර රටක් බවට පත්කළ යුතුයි. රටක ස්ථාවරය රඳා පවතින්නේ පාර්ලිමේන්තුවේ තිබෙන ඔළුගෙඩි ගණනින් නෙවෙයි. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සැකයෙන් තොර වටපිටාවක්, සියලූ ජාතිකත්වය අතර ජාතික සමගිය, හොඳ විදේශ ප‍්‍රතිපත්තියක්, නීතියේ  විධානයේ ආධිපත්‍යය තිබෙන රටක් සහ ජාතික ආරක්‍ෂාව මත තමයි රටක ස්ථාවරය රඳා පවතින්නේ. ජන කණ්ඩායම් අතර අසමගිය වගේම ජාතික ආරක්‍ෂාවක් නැතිව, ගැටුම්කාරී විදේශ ප‍්‍රතිපත්තියක් තිබෙන විට, අධිකරණයේ ආධිපත්‍යය කඩා දමා තිබෙන විට රටක ස්ථාවරය රඳා පවතින්නේ නැහැ. රටේ ස්ථාවර රාජ්‍යයක් ගොඩනැගීම සඳහා අපේ වැඩපිළිවෙළ යෝජනා කොට තිබෙනවා. අපේ වැඩපිළිවෙළේ මූලික හරය වී තිබෙන්නේ ජනතාවට සතුටින් සිටිය හැකි රටක් ස්ථාවර රටක් යන්නයි.
jvp07.27 5
ව්‍යාපාරික සමුහය
අද අපි මුණගැසී තිබෙන්නේ ව්‍යාපාරික ක්‍ෂෙත‍්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, කර්මාන්තකරුවන්, අපනයනකරුවන්, නියෝජනය කරන පිරිසක්. එනිසා ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කරන ව්‍යාපාරික ක්‍ෂේත‍්‍රයට අදාළ ප‍්‍රතිපත්ති ගැන කථා කිරීම සුදුසුයි කියල මම හිතනවා. අපේ රටේ ව්‍යාපාරික ක්‍ෂේත‍්‍රයේ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් සැකයක් මතුකරලා තිබෙනවා. සාමාන්‍ය කථාබහක් තිබෙනවා, ජනතා විමුක්ති පෙරමුණ බලයට ආවොත් වාහන දෙකක් තිබෙන පුද්ගලයාගෙන් එක වාහනයක් ආණ්ඩුවට ලබාගන්නවා, එසේත් නැතිනම් ෆැක්ටරි දෙකක් තිබෙන ව්‍යාපාරිකයාගෙන් එක් ෆැක්ටරියක් අත්පත් කරගන්නවා වැනි සැකයක්. පැහැදිලිව කියන්න  ඕනි ඒ ක‍්‍රමය අනුගමනය කළේ සරදියෙල්. ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික ප‍්‍රතිපත්තිය තියෙන කෙනාගෙන් අරගෙන නැති කෙනාට දෙන සරදියෙල් පන්නයේ එකක් නෙවෙයි.
 Cartoon-of-the-day-28_07_2015-600-1

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.