ජවිපෙ ජාතික විධායක සභාවෙන් ඉවතට

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වීමෙන් අනතුරුව 19 වන සංශෝධනය ක්‍රියාත්මත කිරීම ඇතුළු කරුණු කීපයක් ගැන තීරණ ගැනීමට ජාතික විධායක සභාව පත්කෙරිණි. දින 100ක් සඳහා පත් කල ජාතික විධායක සභාව මේ වන විට අහෝසි වී ඇකැයි පවසන ජවිපෙ ප්‍රචාරක ‍ලේකම් විජිත හේරත් තම පක්ෂය මින් ඉදිරියට තම පක්ෂය ජාතික විධායක සභාවට සම්බන්ධ නොවන බව පැවසීය

මේ අතරවාරේ ජනතා විමුක්ති පෙරමුණ විසින් රට පුරා පවත්වනු ලබන දින “100 අවසන් – රට වෙනුවෙන් නව ගමනක්” සම්මන්ත්‍රණ මාලාවේ ආරම්භක සම්මන්ත්‍රණය ඊයේ (25) අනුරාධපුර යොවුන් නිකේතන ශාලාවේ දී ජවිපෙ නායක අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජනතා විමුක්ති පෙරමුණේ අනුරාධපුර දිසුත්‍රික් නායක වසන්ත සමරසිංහ මහතා එහි මූලාසනය ඉසිලූ අතර ඊට ලංකා ගුරු සේවා සංගමයේ උතුරු මැද පළාත් ලේකම් අරුණ දිසානායක මහතා, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උප සභාපති සුසන්ත කුමාර නවරත්න මහතා සහ නීතිඥ සමන්ත හේරත් මහතා සහභාගී වූහ.

ජනාධිපතිවරණයෙන් අනතුරුව දින 100 අවසන් වූ පසු රටේ පවතින දේශපාලන තත්වය හා ඉදිරියේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් රට ගොඩ නැගීම වෙනුවෙන් ක්‍රියවට නැගීමට බලාපොරොත්තු වන්නා වූ පුලුල් වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමු‍ණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් පැහැදිලි කළ අතර රටේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳවද පැහැදිලි කරන ලදී.

මෙම සම්මන්ත්‍රණයට අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෘත්තීයවේදීන්, කලාකරුවන්, ව්‍යාපාරිකයන්, ගොවිජන නායකයින් ඇතුළු ජනතාව සහභාලී වී සිටි අතර රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් ප්‍රමුඛ තරුණ පිරිසකගේ සහභාගිත්වයද දක්නට ලැබුණි

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.