ජවිපෙ පුරවැසි ලයින් එකේ

anura-kumaraසමාජවාදී පීල්ලෙන් පුරවැසි මාවතට සේන්දු වී ඇති ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන නගර වල සංස්කෘතික කටයුතු රැසක් සංවිධනය කිරීමට තීරණය කොට ඇත.

අළුත් ගමන් මග විමසන සගයෙක්

සෝමවංශ ජ.වි.පෙ. ගමන් මඟ තුළ 1994 මහ මැතිවරණයට ඉදිරිපත්ව එක් මන්තී‍්‍ර ආසනයක් ලැබීය. ජ.වි.පෙ පරිවාස ආණ්ඩුව දක්වා මන්තී‍්‍ර ආසන 16 ක් ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණ ලෙස තරග කිරීමෙනි. ඉන්පසුව, රනිල් එළවන්න පරිවාස හැදුවේය. පරිවාසය අවසන් වීමත් සමඟ චන්ද්‍රිකා සමඟ සන්ධානයට ගිය පසු ලද මන්තී‍්‍ර ආසන 41න් දෙකක් ? එළිවෙනකොට තෑගි දුන්නේය. සහවාසය එසේ විය. ‘සුනාමි සහන මණ්ඩලය’ හේතුවෙන් සන්ධානයෙන් එළියට ආවේය. යුද්දෙට සහාය දුන්නේ ‘ලේ හැලූනත් රට බෙදන්න දෙන්නෙම නෑ’ කියාය. පසුව යුද්ධයට සහාය දීම වැරදි කීවේය. මහින්ද චින්තන හැදුවේය. මහින්ද එළවන්න 71 , 88 – 89 ජනතා විමුක්ති පෙරමුණට හොඳින් සැලකූ ෆොන්සේකා සරණ ගියේය. වැඬේ වැරදුණේය. මහ මැතිවරණය ආවේය. හංසයා සරණින් මන්තී‍්‍ර ආසන 4ක් රැකගත්තේය. තනියම 16 හවුලේ කෙරුවාව 4 යි. පසුගිය ජනවාරි ජනාධිපතිවරණයෙන් පසුව, යහපාලනය තුළය. දින සීයෙන් පසුව නැවත එළියේය. එදා විහිළුවට ලක්කළ දේවල් අද හොඳය. එදා බිත්තිවල හිනැහෙන මූණු අවඥාවට ලක් කළේය. අද ජ.වි.පෙ. නායකයන් සමඟ මුහුණු පාප්පවල හිනැහේ. විජේවීරගෙන් පසු නව නඩය දක්කාගෙන යන්නේ මඩවළට බව පෙනෙමින් තිබේ. ඔව්, අලූත් වෙන්න කාලය ඇවිල්ලා!

ගුණපාල ගුරුගේ

keglla

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.