ජවිපෙ බළලා මල්ලෙන් එළියට – සීනුව බිමට

anura-kumaraමේ දිනවල නගර ගණනාවක රාත්‍රී කාලයේ කුඩා කණ්ඩායම් රැස්වීම් පැවැත්වේ. මේ රැස්වීම්ල ප්‍රධාන වශයෙන්ම කථා කෙරෙන්නේ උනුත් එකයි -මුනුත් එකයි යන මාතෘකාවයි. බැලූ බැල්මට මෙම රැස්වීම් සංවිධනය කරන්නේ දුෂණ විරෝධින්ය. එහෙත් දැන් බළලා මල්ලෙන් එළියට පැන ඇත.  මේ වන විට ඡන්ද පදනම බලවත් පිරිහීමකට ලක්ව ඇති ජනතා විමුක්ති පෙරමුණ නව මං ගවේෂණය කරමින් සිටී. යහ පාලනය ගැන කල කිරීමෙන් සිටින එහෙත් මහින්දට අකමැති දුෂණ විරෝධීන් එක්රැස් කර ගනිමින් පොදු පෙරමුණකට යෑම එක විකල්පයකි.

සීනුව අත් හැර

ජනතා විමුක්ති පෙරමුණේ සලකුණ වූ සීනුව ලකුණ වෙනුවට පොදු ලකුණක් භාවිතා කොට 2020 දී මැතිවරණයට මුහුණ දීමට ජනතා විමුක්ති පෙරමුණ තීන්දු කොට ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ඌව පලාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යා රත්න මහතා  හුංගම බටඅත පැවැති ජනහමුවකදී පැවසීය.

දැන් බළලා එලියේය.පෙරටුගාමීන් වෙන්ව යාමත් සමඟ ජවිපෙ මතවාදීව හුදෙකලා විය. ඉදිරිය ඇත්තේ ලිබරල් ධනේශ්වර මවතේය. ඒ සඳහා යල් පැන ගිය සීනුව හෙල්ලුවට වැඩක් නොවේ. අළුත් පෙරමුණක් අවශ්‍යවේ. ඒ අනුව අනුර කුමාර ගෙන් ඇත්තේ තර්කානුකුල තීරණයකි.

දැන් පවතින ප්‍රවනතාවන්ට අනුව මේ පෙරමුණට පැහැදිලිවම ප්‍රධන පක්ෂ දෙකට අභියෝග කළ හැකිවෙනු ඇත. එහෙත් මේ අභියෝගයට අමතරව බරපතල ඡන්ද කැඩීමකුත් සිදුවෙනු ඇත. එහෙත් කැඩෙන්නේ කාගේ ඡන්දදැයි කීමට ඉක්මන් වැඩිය.

2020 දී රටේ රාජ්‍ය බලය ලබා ගැනීම සදහා මේ රට තුළ දැවැන්තම බල වේගයක් ගොඩ නගා ඒ සඳහා සීනුව ලකුණ වෙනස්කොට පොදු ලකුණක් භාවිත කරන බවත් ඔහු කීය.

‘‘දැන් රට දැඩි ප්‍රපාතයකයි තිබෙන්නේ. මේ රට මේ පාලකයන්ට ගොඩ ගැනීමට නොහැකි බව නැවත නැවත පෙන්නුම් කරමින් යනවා. වසර හැත්තෑවක් පුරා මේ පාලකයො මේ රට විනාශය කරා ගෙන ගියා . මේ රට මේ විධියට තව දුරටත් යා යුතු නෑ. මේ රට ගොඩ නැගිය යුතුව තිබෙනවා. ඒ සදහා අපි මේ වන විට රට ට ආදරේ කරණ විවිධ බුද්ධමතුන් සමග සංවාදයක නියෙලෙමින් යනවා.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.