ජවිපෙ සයිටම් රහසක් හෙළිකරයි

lalkanthaසයිටම් ආයතනය පිළිබඳවද දැනට මතු වී තිබෙන තත්ත්වය පිළිබඳවද ජ.වි.පෙ. නායකයන්ගේ අවධානය යොමු වේ ඇත.

“‘ඇත්තටම ආණ්ඩුව සයිටම් ආයතනය නීත්‍යනුකූල කර ගන්න හදන්නේ විදේශීය ආයෝජකයන් දිහා බලාගෙනයි. සයිටම් නීත්‍යනුකූල කරගත්තොත් ආණ්ඩුවට ආයෝජන විදියට විදේශ විශ්වවිද්‍යාලවලට අවස්ථාව දෙන්න පුළුවන්. ඒ නිසා ආණ්ඩුව සයිටම් ආයතනය වෙනුවෙන් මරාගෙන මැරෙන්න සූදානමින් ඉන්නේ.’ විජිත හේරත් පැවසීය.කීවේය.

සයිටම් විරෝධී ජන පවුරෙහි ජ.වි.පෙ. නියෝජිතයා ලෙස කටයුතු කරන ලාල්කාන්ත ඉදිරි පියවරයන් පිළිබඳව ජන පවුර එළඹී ඇති තීරණ පිළිබඳව ජ.වි.පෙ. නායකයන් දැනුවත් කළේ ඔවුන්ගේ කාරක සභා රැස්වීමේදීය. ‘පීඨාධිපතිවරු සයිටම් ගැන මධ්‍යස්ථ යෝජනා මාලාවක් ගෙනාවා. ඒ ගැනවත් ආණ්ඩුවේ අවධානයක් නැහැ. මේ වෙනකොට විශ්වවිද්‍යාල වෛද්‍ය සිසුන් 8000ක් මේ සටනේ ඉන්නවා. ඔවුන්ගේ අධ්‍යාපනය අඩාල වෙලා. එහෙම තියෙද්දී ආණ්ඩුව සයිටම් එකේ සිසුන් සුළු පිරිසක් වෙනුවෙන් පෙනී ඉන්නවා. මේක පරාජයට පත් කළ යුතුමයි. අපි ඉදිරියේදී රට පුරා පන්දම් විරෝධයක් පවත්වන්න යෝජනා කරගෙන තිබෙනවා. ඒ වගේම ප්‍රධාන නගර කිහිපයක ඉඳලා කොළඹට රථවාහන පෙළපාළියක් එන්න තීරණය කළා. අලුත් වටයකින් මේ ජනතා විරෝධය මතු කර ගන්න ඕනෑ’ ලාල් කාන්ත ඉදිරි ක්‍රියාමාර්ග විස්තර කළේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!