ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත්ට මාංචු -මීළඟට……

custodyයාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර්ට රැකවරණය දීම සහ පැන යෑමට ආධාර අනුබල දීමේ චෝදනාවට සැකපිට මධ්‍යම සහ ඌව පළාත භාර රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. රැකවරණ සැපයීම පිළිබඳව චෝදනාවට ලක්වී සිටින කොළඹ නීති පීඨයේ මහාචාර්ය වී.ටී. තමිල්මාරන් ද ඇත අඩංගුවට ගැනීමට ඉඩ තිබේ  .

චොකාට සහාය

නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින තම සිසුන් හා මිතුරන් තමන්ව කිසිසේත් අත්අඩංගුවට නොගන්නා බව නීතිය පිළිබඳ මහාචාර්ය තමිල්මාරන් පවස්දු බව වාර්තා විය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ, පසුගිය ජනාධිපතිවරණ සමයේ සිදුවූ, චොකා මල්ලී සම්බන්ධ ද්විත්ව ඝාතනයේ සිද්ධිය වූ ස්ථානයට පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු යැවීම සම්බන්ධයෙන් ද චෝදනාවට ලක්වී සිටින්නෙකි. චොකා මල්ලී ඇතුළු දාමරිකයන් මරණකරුවන් දෙදෙනාට වෙඩිතබා ඇත්තේ මෙකී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ ගිනිඅවි උපයෝගී කරගනිමිනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.