ජාත්‍යන්තර පරීක්ෂණ ලංකාවට අවමානයකි

 

156172-004-C1243552 (1)

ශ්‍රී ලංකාව විසින් යුද්ධය සම්බන්ධව අන්තර් ජාතික පරීක්‍ෂණයක්‌ කළ යුතු බවට කෙරෙන ඉල්ලීම ශ්‍රී ලංකාවට කරන අවමානයක්‌ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

මේ සම්බන්ධයෙන් රට පුරාම එකඟතාවක් ඇතැයි ඇය බ්‍රිතාන්‍යයේ ටයිම්ස්‌ පුවත්පත සමග සාකච්ඡාවක්‌ පවත්වමින්  කියා සිටියාය.

කොටි සංවිධානය සමග වසර 26 ක්‌ තිස්‌සේ පැවැති යුද්ධය ගැන කෙරෙන අන්තර්ජාතික විමර්ශනයක් කිරීම අවශ්‍ය නැතැයි  ඇය පැවසුවාය.

දේශීය විමර්ශනයක් පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගය ලබා ගැනීමට ශ්‍රිලංකාවේ ආණ්ඩුව කටයුතු කරනු ඇය ප්‍රකාශ කළාය.

චැනල් 4 නාලිකාව නිෂ්පාදනය කළ  No Fire Zone චිත්‍රපටයේ සිදුවීම් විශ්වාශ කිරීමට බැරි බව ජනධිපතිවරයා පැවසූ බවට පැතිර යන ප්‍රචාරය පිළිබඳව විමසු විට කුමාරණතුංග මහත්මිය කියා සිටීයේ මෙය වැරදි වැටහීමක් වන බවයි.

මේ චිත්‍රපටියේ එන සිදුවීම් සාක්ෂි සේ ඉදිරිපත් කළහොත් ඒ දෙස බැලීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සුදානම්  බව ඇය කියා සිටියාය.

 

Calls for international war crimes probe ‘insulting’, says former Sri Lanka president

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!