ජාත්‍යාන්තර මානව හිමිකම් දිනය දා උතුරේ උද්ඝෝෂණ

දිනසේන රතුගමගේ

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය යෙදී ඇති දෙසැම්බර් මස 10 වෙනිදා වවුනියාව ඇතුළු උතුරු පළාතේ ස්ථාන කීපයක නිහඩ විරෝධතා පැවැත්විණි.

එම විරෝධතාවලට එක් වූ පිරිස කියා සිටියේ යුද සමයේදී අතුරුදන් වූ තම ඥාතීන් සොයා දෙන මෙන් රජයට බලපෑම් කිරීමට මෙම විරෝධතාවයන් දියත් කොට ඇති බවයි.

විරෝධතාවලින් පසුව එක් ස්ථානයකදී රැස්වීමක් පැවැත්වූ පිරිස තීරණය කොට තිබුණේ වත්මන් රජය විසින් අතුරුදන්වූවන් පිළිබදව තොරතුරු සොයා බැලීමට පත් කළ කාර්යාලයට වැඩි බලතල ප්‍රමාණයක් ලබාදෙන මෙන් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ලිපියක් මගින් දැණුම් දීමටයි.අතුරුදන්වූවන් පිළිබදව සොයාබැලීමේ කමිටුවේ කැදවුම්කරු සුන්දරම් මහේන්ද්‍රන් කියා සිටියේ කාර්යාලය පිළිබදව ප්‍රශ්නයක් නැතත් පනත පිළිබදව ප්‍රශ්නයක් ඇති බවයි.

අතුරුදහන් වූවන් ගැන තොරතුරු සෙවීමට පත් කළ මැක්ස්වල් පරණගම කොමිසමට සිදු වුණෙත් බලතල නොමැති කමයිපුද්ගලයින් අතුරුදහන් කළ අය පිළිබදව සාක්කි ලැබුණත් කොමිසමට ඔවුන්ව නීතිය හමුවට ගෙන යාමට බලයක් ලැබී තිබුණේ නැහැ.”

 වත්මන් රජය පිහිටවූ කාර්යාලයේ ඉරණමත් එයමයිසම්මත කරගෙන ඇති පනතට අනුව කාර්යාලයටද බලතල නැහැමේ නිසා අපි ජනාධිපතිවරයාටත් අග්‍රාමාත්යවරයාටත් ලිපියක් යවමින් ඉල්ලා සිටින්නේ පනත සංශෝධනය කොට වරද කරුවන්ව නීතිය හමුවට ගෙන යා හැකි අන්දමේ බලතල එම කාර්යාලයට ලබා දෙන ලෙසයි.”

යුදසමයේදී අතුරුදන් වූ පුද්ගලයින් හයදාහක් පිළිබදව තම කාර්යාලයට තොරතුරු ලැබී ඇති බව කී සුන්දරම් මහේන්ද්රන් මැක්ස්වල් පරණගම කොමිසමට අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් පැමිණිලි විසිදෙදහසත් වීසිහතර දහසත් අතර ප්‍රමාණයක් ලැබී ඇතැයිද සදහන් කළා.

යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගෙන් පහළොස් දෙනෙකු මේ වන විට රහස් කදවුරුවල සිට නිදහස ලබා පැමිණ ඇති බවත් මීට මාස කීපයකට ඉහතදී මවක් හා දියණියන් දෙදෙනෙකු මේ අන්දමට නිදහස් කොට ඇති බවත් සුන්දරම් මහේන්ද්‍රන් කියා සිටියා.

නමුත් මේ නිදහස ලැබූ පිරිසගෙන් ප්‍රකොට ඔවුන්ව රදවාගෙන සිටියේ කවුරුන්ද යන්න හෙළිකරගැනීමට කිසිවෙකුත් පරීක්ෂණ නොපැවැත්වීම දැඩි අසාධාරණයක් බවද ඔහු සදහන් කළා.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.